

ධිවර කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්වෙලා.කොරෝනා හින්ද කඩන් වැටුන ධිවර කර්මාන්තයට ඊළග හෙනහුරා කඩන් පාත් වුනේ එක්ස්ප්‍රස් පර්ල් නැව හින්ද .
දැන් මුහුදේ වැලි හෑරිල්ල . මේ සේරම විපත්වලින් දරුණුම විදියට බැට කාපු පිරිස වුනේ තෙප්පම් ධිවරයෝ. ලග මුහුදු සිමාවේ හබලෙන් අතේ වාරුවෙන් තෙප්පම පැදගෙන යන තෙප්පම් ධිවරයාගේ ජිවිත කථාව දවසින් දවසමට කඳුළු කථාවක් වුනා. මේ නත්තලටත් එහෙමයි . ගෙවල් වල දරුවන්ට ආස දේවල් අරන් දෙන්නන පුලුවන් කමක් එයාලට තිබුනේ නැ.

එහෙම තියෙද්දිත් මේ තෙප්පම් ධිවරයෝ නත්තලට එක පවුලකින් රු 1000 ගානේ එකතු කළා. ඒ කටානේ පැත්තේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිවාසයකට වියළි ආහාර ද්‍රව්‍ය අරන් ගිහින් දෙන්න.
කතෝලික සභාවේ නායකයන් නත්තල චාම්ව සමරල අනික් අයත් එක්ක සහෝදරත්වය බෙදා ගන්න කියල හැමදාම කියන කොට අපට නම් මෙදා සැරේ වැඩියෙන්ම මතක් වුනේ මිගමුවේ වැල්ලවිදියේ තෙප්පම් ධිවරයෝ . මොකද එයලා ජිවිත වලින්ම ඒක ඔප්පු කරපු නිසා. එහෙම නොකරන නිල කතෝලික සභාවේම අය කියක් ඉන්නව ඇතිද? චාම් කමට එහා ගිය දේවල් වලට මුල් තැන දිපු පල්ලි කතෝලික නගරය කියක් නම් මේ පළාතෙම තියෙනවද ?
එහෙම හිතෙන කොට තෙප්පම් ධිවරයන්ට අපි හදවතින් සුභ නත්තලක් පතන්න ඕනා ..

