තමන් ඇහුුලු සල්ලි මිටිය පොලිසියට දුන් අදාර්ශමත් ආරක්ෂයා ..!

0
47

NGB oic

ඇහුලු මුදල් පොලිසියට භාර දුන් ලියනගේ මහතා පොලිසිය සමගින් සිටින අයුරු…..

මිගමුව ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට මුදල් සහිත පාර්සලයක් බිම වැටි තිබි එය පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයෙකු අහුලා පොලීසියට භාර දී ඇති බව කියන පුවතක් වර්ථා වේ
ඉකුත් දා පාරේ ගමන් කරන යතුරු පැදියකින් හෝ මොටර් රථයකින් වැටි ඇතැයි කියන රුපියල් පන්දහසේ නොට්ටු පාර හරහා තැන් තැන්වල විසි වෙමින් තිබූ මුදල් හා මුදල් පාර්සලය පුද්ගලික ආරක්ෂක නිළධාරිවරයෙකු වන  ලියනගේ මහතා අහුලා ඒ මාර්ගයේ යමින් සිටි  මිගමුව පොලිසියේ පොලිස් රියදූරු එල්. පී. ගමගේ මහතාට භාර දී ඇත
මේ වන විට මෙකි මුදල් පාර්සලය මීගමුව පොලිසියේ ස්ථානාධිපති සමන් තිලක වැලිවිට මහතාට මුදල් භාර දී ඇති අතර මෙතෙක් එම මුදල් පාර්සලය රැගෙන යාමට අයිති කරුවෙකු පැමිණ නැති බව වාර්ථා වේ.
ඡායා සහ සටහන – පියපේම මානික්කරත්න