තමා සේවය කළ ජරාම ප්‍රදේශය මීගමුවයි.ASP ආනන්ද අල්විස් කියයි

0
402

.තමාගේ 37 වසරක සේවා කාලය තුල තමන් සේවය කළ ජරාම ප්‍රදේශය මිගමුව යැයි මීගමුව සහකාර පොලිස්  අධිකාරි ආනන්ද අල්විස් මහතා අද පවසා සිටියේ මීගමුව පොලිස් ශ්‍රවණාගාරයේදි පැවති විශේෂ රැස්විමකදිය.මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයේ සිවිල් ආරක්ෂක කමිටුව සදහා මෙය පැවත්විණි.

ආනන්ද අල්විස් මහතා තවදුරටත් මෙසේද පවසා සිටියේය.මිගමුවේ එක්තරා පිරිසක් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මේ ප්‍රදේශය තුල අවිධිමත් නිති විරෝධි කටයුතු වල නිරත වන බවත් මේ නිසාම පොලිසියේ නිළධාරින්ට සිය රාජකාරිය පවා නිසි ුඅයුරින් කරගැනිමට  නොහැකිව තිබුන බවත් දැන් තරමක් දුරට ඒ තත්වය පාලනය කර ගතහැකිව තිබෙන බවත්ය.
මෙම රැස්විම සදහා මීගමුව මහවිදිය දේවස්ථානයේ ගරු ජුඩ් ශ්‍රියානන්ද පියතුමා ,අඟුරුකාරමුල්ල විහාරස්ථාන්යේ ගරු ඥානසිරි ස්වාමින් වහන්සේ  සහ ප්‍රාදේශිය ලේකම් ආර්. අලවත්ත මහතා ,සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි විජයලත් යන මහත්තරුන්ටද සහභාගිව සිටියහ.
එමෙන්ම විවිධ සමිති සමාගම් සහ ව්‍යාපාරික ස්ථානය නියෝජනය කරමින් පිරිස්ද මෙයට එක්ව සිටියහ.