තමිල්නාඩුවේ little champs 2023 ජයගත් යාපනේ උදයශීලන්ට ජනපති රනිල් සුබපතයි!

0
483

Untitled design 2023 12 18T082306.121

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ  ‘Sa Re Ga Ma Pa Little Champs Season 3’  2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත්තේ  ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණියයි. කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇය වෙත සුබපැතුම් පණිවිඩයක් ද යොමු කර තිබේ.  එසේම දැරිය දුරකථනය ඔස්සේ ද සම්බන්ධ කර ගනිමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත කටයුතු ද  සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියකි. ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here