තම පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව රනිල් කියයි !

0
129

105489568_2775778755999475_1325542904532611040_nතම පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එම පක්ෂය සංවිධාන කරන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ කොවිඩ් 19 වෛරසය රට තුල මැඩපැවැත්වීම සඳහා රජය ගෙන ගිය ක්‍රියාලියට සහය දැක්වුයේ එය නිවැරදිව සිදු වන බැවින් බවයි.
නමුත් ඇතැම් පිරිස් තමන් ආණ්ඩුව සමඟ රහස් ගනුදෙණු සිදුකරණ බවට අසත්‍ය ප්‍රකාශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

මහ මැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  ආරම්භ කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here