තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය බිම වැටි තිබි අහුලා ගත්තා යැයි විදුහල්පති ජයන්ත පියතුමා කියලා ?

0
196

ජයන්ත පියතුමා

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ප්‍රශ්න පත්‍රය තමන්ට ලැබුණේ බිම වැටී තිබියදී බව මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත. එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් පිළිබඳව විදුහලේ තර්ක ශාස්ත්‍රය උගන්වන ගුරුවරයාගෙන් විමසා සිටියේ විශේෂ හේතුවකින් තොරව බවත් පියතුමා ප්‍රකාශ කර තිබෙන නිලන්ත මදුරාවල විසින් අරුණ පුවත්පතට අද ලියා තිබුනේ පුවතේ සදහන්ය

විදුහල්පති පියතුමා මේ බව ප්‍රකාශ කර ඇත්තේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසන් වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය පියතුමන්ගේ අතට ලැබීමේ සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීමේදීය. විභාගය ඉකුත් 14 වැනිදා සවස 1ට ආරම්භ වී ඇති අතර ඉන් පැයකට පමණ පසු විදුහල්පති පියතුමා එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එම පාසලේ එම විෂය උගන්වන ගුරුවරයාගෙන් විමසා ඊට විනාඩි පහකින් පමණ පිළිතුර අවශ්‍ය බවත් දුරකථනයෙන් පවසා ඇති බවද වැඩිදුරටත් එහි සදහන්ය

විශේෂ හේතුවකින් තොරව විමසීමක් කළේ නම් විනාඩි පහකින් පිළිතුරු ලබා දෙන ලෙස ගුරුවරයාගෙන් ඉල්ලා සිටියේ ඇයි දැයි විමර්ශන නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමට පියතුමා නිරුත්තර වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරගත් බවද අරුණ පුවතේ දැක්වේ

විභාගය දින ගුරුවරයාගෙන් පිළිතුරු ලබා ගෙන අයැදුම්කරුවකුට සන්නිවේදනය කිරීමේ උත්සාහයක් පැවතියේය යන සැකය මත එලෙස සන්නිවේදනය කිරීමට උත්සාහ කළේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරේ.
විභාග දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පියතුමාගෙන් ප්‍රශ්න කළේ සිද්ධියෙන් දින දෙකකට පසුව ය. එනම් පසුගිය සිකුරාදා (16 වැනිදා) පැවැති එම විෂයයේ දෙවැනි කොටසට අදාළ විභාගය අවස්ථාවේය. දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාරීන් පිරිසක් එදින එම මධ්‍යස්ථානයට යවා තිබිණි.
මේ අතර වාර්ථා වන අන්දමට දෙවන දිනයේදි සා.මරියා විදුහලේ කාර්යාල පරිශ්‍රයේ කාමරයක සරසවි සිසුවෙකු සිටි බවද ඊයේ දිනයේ අරණ පුවත් පත විසින් සදහන් කර තිබුනී.
මේ සිදුවිමට අදාලව දැනටමත් බොරු ගොතමින් සිටින්නේ යැයි පැහැදිලි සැක මතුවෙමින් තිබියදි කාහටත් දැන් මතුව ඇති ගැටළුව වි ඇත්තේ මේසා විශාල අවධානමක් කතෝලික සභාව නමද පාසැලේ නමද පුජකවරයද හෑල්ලුවට ලක්කරමින් උදව් කරන්නට ගියා සිසුවා කව්ද යන ප්‍රශ්ණයි.
ජයන්ත වික්‍රමසිංහ පියතුමාට ඇති දේශපාලන සම්බන්ධතා මත මාට්ටු උනත් බේරාගන්නට ඒ දේශපාලකයන් කටයුතු කරතැයි යන විශ්වාසය පියතුමා තුල තිබෙන්නට ඇතැයි ඇතමෙක් මත පළකරති.
කෙසේ වෙතත් ඉතා පැහැදිලි ලෙසින් විභාග අක්‍රමිකතාවක් සිදුකරන්නට ඇතැයි සාධාරණ සැක මතුව තිබියදි විදුහල්පති පියතුමාගේ වැඩතහනමකට ලක්කොට පරික්ෂණ පවත්වන්නට කටයුතු නොකරන්නේ මන්ද යන්න බරපතල ගැටළුවකි.
මෙවන් සිදුවිම් සිදුවු වෙනත් තැන්වලදි ඒවා සිදුකළ අයවලුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරිමටද පියවර ගෙන තිබේ.
එහෙත් මිගමුවේ විදුහල්පති පියතුමාට නිතිය සමාන නැත්තේ ඔහුට සමිප සිටින දේශපාලන හාම්පුතාලා නිසාද යන්න ගැන සමාජය තුල බරපතල විවේචනයක් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here