තරුණයෙකුගේ ජීවිතය අනතුරේ හෙළමින් බීමතින් රියපදවා ඇත්තේ මාධුමාධවද ?

0
67

madumadawa 1ඊයේ රාත්‍රි 8.30ට  පමණ වැල්ලවීදියේ සුසාන භූමිය ඉදිරිපිටදි සිදුවු මරාන්තික රිය අනතු⁣රෙන් පාරේ ගමන් ගත් තරුණයෙකුගේ තත්වය  බරපතල වි තිබුණ බැවින් කොළඹට මාරුකර යවා ඇතැයි රථවාහන පොලිස් අංශයේ නිළධාරියෙකු අප කළ විමසුමකදි කියා සිටියේය.
මෙම අනතුරු සිදුකළ වාහනය පදවාගෙන පැමිණ ඇත්තේ කව්දැයි අප කළ විමසුමකදි පොලිසිය කියා තිබුනේ මාධුමාධව සමග පැමිණි අනෙක් තැනැත්තා බවය.
එහෙත් මෙම අනතුර සිදුකරන ලද මෝටර් රථය පදවා ඇත්තේ මධුමාධව අරවින්ද නම් ගායාකයා බව ප්‍රාදේශවාසිහු පවසති.
ඔහු මෙන්ම රථයේ සිටි අනෙක් තැනැත්තාද ⁣අධික ලෙස බිමතින් සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා සිටිති.