තරුණියකට පහරදෙන තෙක් පොලිසිය බලන් හිටියේ ඇයි ?

0
54

පසුගිය දිනවල සමාජ ජලා ඔස්සේත් වෙබ් මාධ්‍ය ඔස්සේත් කතාබහට ලක්ව තිබුණ තරුණියකට පහරදි දිමේ සිද්ධියේදි පොලිසියේ හැසිරිම පිළිබදව බරපතල විවේචනයක් එල්ල වි තිබේ.
මේ ගැන මාධ්‍යයට අදහස් දක්වා සිටි මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියෙකු වු නිතිඥ ප්‍රතිභා මහනාම පොලිසිය විසින් ඒ අවස්ථාවේදි මේ පහර දෙන පිරිස අත්අඩංගුවට ගැනිමට කටයුතු නොකිරිම ගැන බරපතල විවේචනයක් සිදුකොට තිබුණි.
මෙම පහරදීම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවස්තරය පැවති කුරුණැගල මාළිගාපිටිය ආසන්නයේදී පසුගිය 04දා ය. පහර කෑමට ලක්වන යුවළ සහෝදර සහෝදරියන්ද, එසේත් නොමැතිනම් පෙම්වතුන්දැයි මෙතෙක් අනාවරණ වී නැතත් මොවුන් දෙදෙනා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් බව මේ නෙත් වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබුණි.
එමෙන්ම ඒ වෙබ් අඩවිය දක්වා සිටින්නේ . ඔවුන් දෙදෙනා ගම්පහ ප්‍රදේශයේ දේශපාලඥයකු විසින් සංවස්තර උළෙලට සහභාගී කරවීමට කැඳවාගෙන ආ පිරිසකගෙන් දෙදෙනෙකු බවය.

පොලිසිය සිටින්නේ සාමය හා ක්‍රමවත්භාවය ස්ථාපිත කිරිම සදහාය.මහපාර මැද කිසියම් පිරිසක් හිංසාකාරි ලෙස හැසිරෙන්නේ නම් ඒ අයව අත්අඩංගුවට ගෙන නිතිය හමුවට පැමිණවිම සිදුවිය යුතුව තිබුන සාමාන්‍ය දෙයක් වුවද එහි සිටි පොලිස් නිළධාරින් එසේ කර තිබුනේ නැත.
දැනටමත් ඔවුන් පවසා සිටින්නේ ඒ ගැන පැමිණිල්ලක් ලැබි නැති බවය.
තමන්ගේ මුලික රාජකාරය සිදුකිරිම සදහා කව්රුන් හෝ පැමිණිලි කළ යුතුද ?
පොලිසිය නිහඩව සිටින්නේ මේ පහර දිමට පැමිණි පිරිස සහ පහර කෑ අය ජනාධිපතිවරයාගේ පක්ෂය අය නිසාද ?
පැවැති මරාවාදි පොලිස් සංස්කෘතිය අවසන් කොට පොලිසියට ස්වාධිනව කටයුතු කිරිමට ඉඩසලසන ස්වාධින පොලිස් කොමිසම් සභා ස්ථාපිත කළද අපට කුරුණැගලදි යළිත් හමුවන්නේ මරා පොලිසියම නොවේද?

Save

Save