මාස ගණන් මුහුදේ රැකියාවට පිටත් වන අය හැර මිගමුවේ කිසිදු ධිවරයෙකු ඉරිදාට මුහුදු යන්නේ නැත.
ඒ දවස ඔවුන් කැප කරඇත්තේ දෙවියන් වෙනුවෙනි.
එමෙන්ම කාබි විනෝදයෙන් ගත කරති.
එදා ධිවරයන්ගේ මේ ඉරුදින චර්යාව ගැන පටබැදුන කථාව වි තිබුනේ ඔවුන් ඒදිනයේ පල්ලි දෙකකට යන බවය.
එනම් තමන්ගේ නිවහනට යාබදව ඇති පල්ලියට සහ පොල්කටු පල්ලියටය.
ඔවුන් පොල්කටු පල්ලිය ලෙසින් එදා හැදින්වුයේ රා තිප්පොලයි.මීගමුවේ බොහෝ ධිවරයෝ කටාන පැත්තේ ඇති පොල්කට්ටෙන් රා බොන මේ තැන් කරා යති.
ධීවරයන්ගේ ජිවිතය ඒ තරම් ම සරලය.මුහුදත් පල්ලියත් ජිවිතයේ ප්‍රධානතම තැන් දෙකයි,
මේ සරල එහෙත් අවිවේකි ජිවිතයට නිවාඩුවක් දෙන්නට අතිතයේ පටන්ම ධීවර ජනයා තෝරාගත් ක්‍රමයක් විය.
එනම් දුරබැහැර පුදබිමකට ගොස් සතියක් දෙකක් වාඩිලාගෙන එහි ජිවිතය ගත කිරිමයි.මෙහිදි බහුතරයක් දෙනා තෝරාගන්නේ එක්කෝ තලවිය පුදබිමය .නැතිනම් මඩු පුදබිමය.
අගෝස්තු මාසය මෙ අරභයා ප්‍රධාන වෙයි.ඒ තලවිල පුදබිමේ ප්‍රධාන මංගල්‍යය මෙන්ම මඩු පුදබිමේ ප්‍රධාන මංගල්‍යයද අගොස්තු මාසයට යෙදි තිබිමයි.
මේ සටහන තැබෙන මොහොතෙත් සතිගණනක් තලවිල පුදබිමට වි ජිවිතයට දිගුනිවාඩුක් දෙන ධීවරයන් කිප දෙනෙකු ඇමතු අවස්ථාවේ ඔවුන් කියා සිටියේ මේ තමන්ගේ ජිවිතයට වසරකට සැරයක් ලැබෙන එකම නිවාඩුව මෙය බවය.
එබැවින් පවුල් පිටින් පැමිණ පුදබිමේ නිස්කලංකව ගෙවෙන මේ දින ගණන යළිත් දිවි පරදුවට තබා යන සිය ජිවිකාවට මහත් අධ්‍යාත්මික මෙන්ම මානසික සිසිලසක් ලබාදෙන බවය.
මේ අතර ඇතමෙකු සිය පවුල් අනෙක් සාමාජිකයන් පුදබිමේ කදවුරේ තබා සතියේ දිනවල ගෘහ මුලිකයා මිගමුවේ සිය ජිවන වෘත්තිියේ නියැලි යළිත් සති අන්තයට පල්ලියේ තාවකාලික කුඩාරම කරා ඇදෙති.
මීගමුවේ ඇතැම් ණය සමිති මේ අති සුවිශේෂි වන්දනා ගමන වෙනුවෙන් වන්දනා ණය මුදල නමින් ණයක් හදුන්වා ඇතැයි දැනගන්නට ඇත.