spot_img
spot_img
spot_img
Sunday, January 19, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Stories තලවිල මංගල්‍ය බැතිමතුන් සිමිත පිරිසකට පමණයි ?

තලවිල මංගල්‍ය බැතිමතුන් සිමිත පිරිසකට පමණයි ?

0
129
Thalawila Church - Tripazing1537466707830-83380කතෝලික බැතිමතුන්ගේ නොමද ගරු බුහුමනට ලක්වන, ශ්‍රී ලංකාවේ ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර සීමිත බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා නිවේදනය කර ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර සිටි.
දැනට රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය පදනම් කර ගනිමින් සෞඛ්‍ය අංශවල නිදේශයන්ට ගරු කිරීමක්  වශයෙන් මෙම තීරණය ගත් බව පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින බව එහි සදහන්ය.ඒ අනුව සාම්ප්‍රදායික කොඩි ගස එසවීම සහ දිනපතා නුවාන නොපැවැත්වේ. බැතිමතුන්ට  පුදබිමේ කඳවුරු බැදීම ද සිදු කළ නොහැකි බවත් අගෝස්තු 2 වැනි ඉරුදින උදෑසන හතට සාම්ප්‍රදානුකූල මංගල්‍ය දේව මෙහෙය පැවත්වීමට නියමිතය.

හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය වැලන්ස් මෙන්දිස් සහ යාපනය රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය  ජෝෂප් ජස්ටින් යන රදගුරු වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වේ.

සිංහල සහ දමිළ  බසින් පැවැත්වෙන මෙම දේව මෙහෙය සදහා සීමිත බැතිමතුන් පිරිසක් සහභාගීවනු ඇත..
මේ අතර මංගල්‍ය දිනය යෙදි ඇති අගොස්තු 02 වෙනිදා වනු මැතිවරණයට අදාලව අවසන් ප්‍රචාරක කටයුතු පැවැත්වෙන දිනයයි. කෙසේ වෙතත් කතෝලික පළාත්වල මැතිවරණ මනාපය පස්සේ යන දේශපාලකයන්ගේ යම් ඉලක්කයකට තලවිල පුදබිමට දැනටමත් ලයිස්තුව ගතව තිබෙන්නට පුලුවන.
මේ නිසාම බැතිමතුන්ට පැනවෙන ඇතැම් සිමාවන් මනාප යදින දේශපාලකයන්ට නොතිබෙන්නටද පුලුවන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here