තලාදුවට නීති විරෝධි පාරක්? කොමසාරිස්ට චෝදනා !

0
340

මිගමුව නාගරික කොමසාරිස්වරයා දේශපාලන ගැත්තෙක් දැයි ප්‍රශ්ණ කරමින් අපි අද පෙරවරුවේ පුවතක් පළකළෙමු.

එය සනාථ කරන කදිම සිදුවිමක් අද තලාදුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මිගමුවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ සොහොයුරෙකු විසින් තලාදුව පාරේ කට්ටි කර විකුණන ඉඩමකට මිගමුව නාගරික කොමසාරිස්වරයා විසින් මහජන බදු මුදලින් තාරා දමා පාරක් දමන්නට කටයුතු කරමින් සිටින බවට ප්‍රදේශවාසින් මේ වන විට මිගමුව නාගරික කොමසාරිස්වරයා වෙත බරපතල චෝදනාවක් එල්ල කර සිටි.

අදාල ප්‍රදේශයේ නිවැසියන් විසින් තමන්ගේ නිවෙස්වලට යන පාර සකස්කර දෙන ලෙස ඉල්ලා වසරකටත් වැඩි කාලයක් ගොස් තිබුණද ආදාල බලධාරින් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නොමැත.

තතු එසේව තිබියදි නගර සභාවේ මුදල් පවා නැතැයි කියන නාගරික කොමසාරිස්වරයා සිය දේශපාලන හාම්පුතාලාට වරදාන දෙමින් මෙසේ පාරක් තනමින් සිටි.

මේ පාර අගදරගුරු නික්ලස් මාවතට සම්බන්ධ කිරිමටද කටයුතු යොදමින් සිටින බවට ප්‍රදේශවාසින් චෝදනා කර සිටිති.

මෙම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරන්නේ කලු සල්ලි දේශපාලන පවුලක අතහිත නිසා කෝටිපතියෙකු වි සිටින අයෙකු බවද කියැවේ.