මෙසේ නව ආසාදිතයන් 4 ක් වාර්තා වි ඇත්තේ පසුගිය 03 වනදා කම්කරු නිවාස යෝජනා ක්‍රමය තුල වෙසෙන නිවැසින් 110 PCR පරික්ෂණ ප්‍රථිපල වලට අනුවය.
මේ අනුව මිගමුවේ මුලු අසාදිතයන් ගණන 280 ක් දක්වා ඉහල ගොස් තිබේ.එමෙන්ම පවුල් 185 ක් පුද්ගලයන් 695 ක් නිරෝධායනය වෙමින් සිටිති
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවා කිසියම් අවදානයකින් සිටි කම්කරු නිවාස යෝජනා ක්‍රමයෙන් වාර්තා වු ගණන ඉතාමත් සුලු ප්‍රමාණයක් විම සැබැවින්ම අස්වැසිල්ලකි.
ඉතා කුඩා බිම් කඩක නිවාස 104 කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය තුල කොරෝනා පැතිර යෑමට ඉඩ වැඩි නිසා ඊයේ සවස්වරුවේ සිට එය පොලිසියේ නිරික්ෂණය යටතේ හුදකලා කොට තිබේ