තලාදූව පාරටත් දැන් ටියුෂන් ට්‍රැෆික් ?

0
103

IMG-20200122-WA0007

මීගමුව නගරයේ මේවනවිට පාරවල් වල පවතින තදබදය බරපතල ප්‍රශ්ණයකි.කිසිදු වග විභාගයකින් තොරව විවිධ පරිමාණයේ ගොඩනැගිලි , විවිධ අවශ්‍යතා සඳහා ගොඩනැගීම මෙයට ප්‍රධාන හේතුවක් බව පැහැදිළිය. ඒ අනුව වැඩි ජනසමූහයක් එම ස්ථානයන්ට එක්රොක් වන නිසා මෙවැනි ප්‍රශ්ණයක් නිර්මාණය වේ.
අප අසන දකින බොහෝ රිය අනතුරු , මහපාරේ ඇති වන ගැටුම් සහ ගැටළු ආදියට හේතු වන්නේ මෙවැනි තත්වයක් බව නිතර අසන දකින සිදුවීම් මෙන්ම ඒ පිළිබඳව පවතින අත්දැකීම් මගින් පැහැදිළිවේ.
මීගමු නගරයේ ප්‍රධාන ස්ථාන වල විවිධ හේතුමත ඇති වන තදබදය පිළිබඳව මීගමු පොලීසිය නිතර ජනතාව දැනුවත් කළද, ඒවා ක්‍රියාත්මක වන්නේ මන්දගාමීවය. නගරය මැද වන්වේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවන බවක් පවසමින් පසුගිය කාලය තුළ ව්‍යාපාරිකයන්ගෙන් බහුතරයක් මැසිවිලි නගනු පෙනින. නගරයේ ප්‍රධාන පාරවල් වල සිට මේවනවිට අප්‍රධාන පාරවල් දක්වා මෙම ප්‍රශ්ණය පැතිරී ඇත . හලාවත- කොළඹ පාරේ සිට ගල්කන්ද හන්දියෙන් හැරී එන පාරේ ස්ථාන කිහිපයක මෙම තදබද ප්‍රශ්ණය මතුවී ඇත .
සමහර ස්ථාන වලදී මේ සඳහා ජනතා විරෝධතා , පෙත්සම් ආදිය මගින් වගකිවයුත්තන්ට කරන දැනුවත් කිරීම්
පවතින නමුත් ඒවා සඳහා නිසි විසඳුම් ලබාදීමට වගකිවයුතු අය සමත්වී නැති බව කිවයුතුය . ඉහතකී ගල්කන්ද හන්දියෙන් හැරී එනපාරේ හමුවන තදබදය පුද්ගලික අධ්‍යාපන ආයතන කිහිපයක් ඉදිරිපිට මේවනවිට නිතර ඇතිවන බව පෙනේ. අප මේ කතාරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඊට බාධා කිරීමට නොවන බව පැහැදිළිව කිවයුතුය . නමුත් පොදු  ජනතා ප්‍රශ්ණයක් ලෙස ⁣මෙම ප්‍රශ්ණය මතුවී ඇති හෙයින් එ් පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කිරීම වැදගත් බව අපගේ විශ්වාසයයි .