තලාදූව පාරමැද අනතුරුදායක වලක් ..

0
69

(16.52pm) කොළඹ   හලාවත   පාරේ  මීගමුව  ගල්කන්ද  හංදිය  පසුකර  රේල් ගේට්ටුව  අසල  අළුත්පාර  එකතුවන  ස්ථානයේ   පාරමැද  වලක්  සෑදී   මේ වනවිට  මසක්  පමණ ගතවුවද  මේවනතෙක්  කිසි   වගකිවයුත්තෙක්  මෙහි  ස්ථිර  වැඩපිළිවෙලක් සඳහා  අවධානය  දී  නොමැත.  පොළව  යටින්  ඇති  බටයක්  කැඩීයාම  නිසා  මෙහි  වතුර පිරී  ඇති  අතර   දින  කිහිපයකට  පෙර  මෙහි  උඩින්  කොන්ක්‍රීට් පැලැස්තරයක්   දමා  ඇත්තේ   යට  කිසිවක්   සොයාබලා  නොවන බව  අවට ප්‍රදේශවාසීන්  පවසති.  මේඅනුව  එම  පැලැස්තරය  කැඩීගොස්   නැවතත්  ඉහතකී  වල   නිර්මාණය  වී  ඇත.
මේ  සඳහා  ස්ථිර  වැඩපිළිවෙලක්   සකස්  නොකළහොත්  මෙහි  විශාල  වලක් නිර්මාණය  වීම  වැලැක්විය  නොහැක.  අළුත්පාරේ  එදාවේල  හොයාගන්නා මිනිසුන්ගේ  බීම  කඩ  ආදිය  කඩන  පාලකයින්ට   මෙවැනි  ස්ථාන  ඇස නොගැටෙන්නේ  ඒතුළින්   කොමිස්  කුට්ටියක්  මතුනොවන  නිසාදැයි  ප්‍රදේශවාසීන්  ප්‍රශ්ණ  කරති.DSC_1065