6 Attachments
තවත් අප්‍රිකානු සරණාගතයින් පිරිසක් මෙසිනා මුහුදේදී බේරා ගැනේ .
එහිදී එක් සංක්‍රමිකයෙක් අප වෙත තම අත්දැකීම පවසන ලදි.
මොහු නමින් M . සනී හසන් .හසන් ඉතියෝපියානු ජාතිකයෙකි. ඔහු අප සමඟ පැවසුවේ ලිබියාව හරහා ඉතාලිය වෙත පැමිනීමට දින දෙකක් ගත වුනු බවයි. ඔහු වෙසෙන ගම්මානයේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදින්ගේ බලපෑම් නිසා තම රටෙන් පලා ආ බව ඔහු පැවසීය.නමුත් ඩොලර් 1300 මුදලක් ලිබියාව හරහා ඉතාලිය වෙත් පැමිනීමට ගෙවා ඇත. ඉතියෝපියාවේ සිට ලිබියාව වෙත පැමින ඇත්තේ බස් රථ වලිනි.ඔහු ඉංග්‍රීසි බස යම්තාක් දුරට හසුරවන්නෙකි.ඔහු පවසන අන්දමට ඔහු පරිඝණක විද්‍යාව පිලිබඳ උපාධි දාරියෙකි.
ලැබුනු සුලු මොහොතේදි මෙවැනි තොරතුරක් දැනගැනීමට අපට හැකිවිය. නමුත් මෙහි ගැටලු රාශියක් පවතී. ක්‍රිස්තියානි ජාතිකයන් මරනයට පත් කරන්නේ නම් මුස්ලීම් ජාතිකයෙකු වන හසන් ඉතාලියට පැමිනියේ කෙසේද ?
ඔහු ඩොලර් 1300 ක මුදලක් ගෙවනු ලබන්නේ කාටද? මෙවැනි සැක සහිත තැන් බොහෝය.නමුත් පැමිනෙන සරණාගතයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉතාලි රජය පියවර ගෙන ඇත.
ශංඛ කහදාරච්චි සමඟ දිල්ශාන් තීසේරා