තවත් කොරෝනා ආසාදිතයන් 3 ක් හදුනා ගැනේ ! දැන් මුළු ගණන 5 ක් !

0
102

Coronavirus-outbreak-1කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසා ඇති බව ඩේලි මිරර් කෙටි පුවත් සේවය මිට සුළුවේලාවකට පෙර දැනුම් දි තිබුණි.

මෙලෙස හඳුනාගත් එක් පුද්ගලයකු ජර්මනියේ සිට සංචාර කර මෙරටට පැමිණි 41 හැවිරිදි පුද්ගලයෙකි.අනෙක් පුද්ගලයන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි ලාංකිකයන් වන අතර ඔවුහු 43 සහ 37 හැවිරිදි වියේ පසුවෙති.මින් එක් අයකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
මේ වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් ගණන පස් දෙනෙකි.
මේ අනුව ශ්‍රිලංකාව තුල සිටින කොරෝනා ආසාදිත රෝගින් ගණන මේ අනුව 5 දක්වා ඉහල ගොස් තිබේ.Media_Release_on_COVID_-19___13.03.2020-page-001