
බහුදින ධිවර කර්මාන්තයද දිනෙන් දින අර්බුදයට යවමින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මේ වන විටත් බහුදින ධිවර කර්මාන්තයට එල්ල කොට ඇත්තේ මරු පහරකි.
එයට හේතුව වි ඇත්තේ ඉන්දියාවද විසින් දැනටමත් ශ්‍රිලංකා රජයට පවා දැනුම් දි ඇති පරිදි මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් ලෙසට එය පත්ව ඇති බවය.
විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය බලයට පත්විමත් සමගින්ම මේ බෝට්ටු මගින් සිදුකරගෙන යන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මේ වන විට තිරාණාත්මක තැනකට පත්ව තිබේ.
බෝට්ටු යොදාගෙන සිදුකරනු ලබන මත් ද්‍රව්‍ය ජාවාරමට අදාල අලුත් සිදුවිම වාර්තාවුයේ ඊයේ දිනයේදිය.
ඒ කොචි වෙරළට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා බෝට්ටුවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 340 ක් පමණ අත්අඩංගුවට ගැනිමත් සමගින්ය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් මෙම වැටලිම සිදුකර ඇත
” දුව ශශිලා” නම් වූ මෙම බහුදින ධිවර යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් 05 දෙනෙකුද ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින්මේ අනුව සිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම මත්ද්‍රව්‍ය තොගය රතු ඉරාන බෝට්ටුවක සිට ශ්‍රී ලාංකික බෝට්ටුවකට මාරු කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වටිනාකම ජාත්‍යන්තර වෙළඳපොලේ රුපියල් කෝටි 1,750 ක් ලෙස ගණන් බලා තිබේ.