තහනම් කොටුදැල් කරුවන් කොටු කිරීමට තෙප්පම් ධීවරයා සැරසේ.

0
72

IMG-20200208-WA0035මීගමුව , වැල්ලවීදිය ප්‍රදේශය අවට ජීවත්වන තෙප්පම් ධීවර ජනතාව පීඩාවට ලක්කරන තහනම් කොටු දැල් ප්‍රශ්ණය නැවත වරක් මතුවී ඇත .ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙවර වගකිවයුතු අය මෙම ප්‍රශ්ණයට මැදිහත් නොවේ නම් මුහුදේ සටන නැවත ආරම්භ කරන බවයි . ⁣මේ නිසා කොටුදැල් කරන අවස්ථාවක් බලා දැල් සමඟ කොටු කරන අය අල්ලා ගොඩට ගෙනෙන බවත් ඔවුන් පවසයි .
අවස්ථා ගනනාවක මුහුදේ මෙම ප්‍රශ්ණය නිසා ගැටුම් ඇතිවී , පොලීසිය , ධීවර කාර්‍යාලය දේවස්ථානය මැදිහත් වී විසඳුමක් ලෙස ඔවුන්ට අවවාද කර නීතිමය වශයෙන් සීමාවක්ද පනවා තිබින . ඒ අනුව බෝට්ටු කරුවන්ට රස්සාව කළ හැක්කේ කිලෝමීටරයක සීමාවෙන් ඔබ්බෙහි පමණි . නමුත් ඔවුන් එම එකඟතාවය නිතර උල්ලංඝනය කරන බව තෙප්පම් ධීවරයා පෙන්වා දෙයි .ඒනිසා ඒ පිළිබඳව පැහැදිළි කර, යම් පියවරක් මේ සම්බන්ධව ගතයුතු බවට තෙප්පම් ධීවරයෝ අවධාරණය කරති.
.දැන් ඔවුන්ගේ ඉවසීමේ සීමාවට පැමිණ ඇත . අප නැවත අවධාරණය කර කියා සිටින්නේ මීට පෙර පැමිණි එකඟතාවයන්ට අනුව තෙප්පම් ධීවරයාගේ ප්‍රශ්ණයට මැදිහත් වන ලෙසයි.
තෙප්පම් ධීවර රස්සාව කලහැක්කේ ගොඩ මුහුදේ පමණි . එසේම එය කළ හැක්කේද මාස 6 ක් පමණි . නමුත් ඉනුත් නිසි රස්සාවක් කළ හැක්කේ මාස 4 පමණක් බව ඔවුන් පවසති . නමුත් බෝට්ටු කරුවන්ට අවුරුද්දේ හැමදාම මුහුදේ ඕනෑම තැනක රස්සාව කළ හැකි බවට තෙප්පම් ධීවරයා තර්ක කරති . මේ කරුණු සළකා පියවරක් ගැනීමට නම් වගකිවයුත්තන්ගේ සාධාරණ මැදිහත් වීමක් තිබිය යුතු බව තෙප්පම් ධීවරයා පවසයි . අපගේ අදහසද එයයි.