ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති දමිළ සිරකරුවන්ට යුක්තිය කෝ?

0
177

ත්‍රස්තවාදය වැලැක්විමේ පනතට එරෙහිව උතුරේ ජනයා විසින් ආරම්භ කල මහජන පෙත්සම අත්සන් කිරිමේ ජංගම උද්ඝෝෂණය කන්කසන්තුරෙන් ආරම්භ වි මේ වන විට කොළඹට පැමිණ තිබේ.

අනුරාධපුරය,කුරුණෑගල ,ගම්පහ සහ කොළඹදි පක්ෂ ගණනාවක දේශපාලකයන් රැසක් මේ වැඩපිවෙලට එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.වමේ සිට දක්ෂිණාංශික කඳවුර දක්වා වු පරාසයක දේශපාලකයන් ඇතුළු විවිධ කොටස් මිට වඩාත් උනන්දුවෙන් දායකව සි⁣ටියහ.

This image has an empty alt attribute; its file name is wp-1663849645062.jpg

This image has an empty alt attribute; its file name is wp-1663729317247.jpg

මේ සියලු දෙනා දැන් කියා සිටින්නේ ත්‍රස්ත පණත අහෝසි කරන ලෙසය.

මේ පණත මෑත කාලයේදි වඩාත් දකුණට දැනෙන්න පටන් ගන්නේ අරගලයේ ක්‍රියාකාරින් දඩයම් කිරිමට රජය ක්‍රියාත්මක විමත් සමගින්ය.

දශක තුනකටත් වඩා වැඩි කාලයක් මේ පණතින් බැට කැවේ උතුරේ මෙන්ම නැගෙනහිර ද දමිළ සහ මුස්ලිම් ජන කොටස්ය.

මීට වසර 35කට පෙර තීලිපන් සිය ජිවිතයෙන්ම වන්දි ගෙවමින් ඉල්ලා සිටියේ දමිළ සිරකරුවන් නිදහස් කිරිම,ත්‍රස්ත පණත අහෝසි කිරිම ඇතුලු ඉල්ලිම් කිපයකි

පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක් ආරම්භ කරමින් ඉල්ලා සිටියේ ඔවුන් ව නිදහස් කරන ලෙසය.මෙම උපවාසයට සහය පළකරමින් යාපනයේ මෙන්ම මඩකලපුවේද සහයෝගිතා උපවාසයක් සංවිධානය කෙරි තිබුණි.එහෙත් දකුණේ ප්‍රගතිශිලි ව්‍යාපාර වල පවා මේ ගැන එතරම් උනන්දුවක් තිබුන බවක් පෙනුනේ නැත.
කෙසේ වෙතත් උතුරේ දේශපාලන සමාජ ක්‍රියාකාරින්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන්නට යෙදුන ත්‍රස්ත පණත අහෝසි කිරිමේ අරගලයට දැන් දකුණද එක්ව සිටිම ඉතා වැදගත්ය.
එහෙත් එය හුදු මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට යන්නේ ඒ් වෙනුවෙන් සෑබෑ ලෙසින්ම දකුණ මැදිහත් වන්නේ පමණි.

දැන් දකු⁣ණේදි ත්‍රස්ත පණත අහෝසි කරන්නට යැයි මහපාරේ පෙත්සම් අත්සන් කරන සියළු දේශපාලකයන් මඟහැරිය නොහැකි යථාර්ථයක් අභිමුඛ වි තිබේ.

එනම් ත්‍රස්ත පණත යටතේ අත්අඩංගුවේ සිටින වසන්ත ඇතුළු තිදෙනාත් ,දමිළ සිරකරුවන්නුත් නිදහස්කරන ලෙස ඉල්ලා මහපාරේ මෙන්ම පාර්ලිමේන්තුව තුලද සටන ආරම්භ කිරිමටය.

මේ යථාර්ථයට ප්‍රතිචාර දැක්විම මත මේ දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිගරුක බව පිලිබද ලිට්මස් පරික්ෂණය බවට මෙය පත්වනු ඇත.
webnewslk.com