ත්‍රීරෝද උද්ඝෝෂණයට සම්බන්ධ පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනිමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයොගෙන් නියෝග

0
31

24 දෙසැම්ඊබර් 02 වනදා මීගමුවේ පැවතී ත්‍රීරෝද රථ කරුවන්ගේ උද්ඝෝෂණයේදි නීතියට පටහැනිව මහජනතාවට පීඩාකාරී ලෙස හැසිරුණු රථකරුවන් 18 දෙනෙකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකළ අතර ඊයේ (16 )  වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධව නඩු විභාගයක් පැවැත්විනි. මෙදින මෙම සිදුවීමට සම්බන්ධ තවත් ත්‍රීරෝද රථකරුවන් 4   දෙනෙකු පොලිසිය විසින් අධිකරණයට  ඉදිරිපත් කළේය.
මෙහිදී මිගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තවත් සිද්ධියට සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් කටඋත්තර ගැනීමට තිබෙන බවත් විමර්ශන කටයුතු මෙතෙක් අවසන් නොමැති බැවින් මෙම විත්තකරුවන් 18 දෙනාට ඇප ලබාදීමට විරුද්ධ වන බවයි .
විත්තිකරුවන්  වෙනුවෙන්  නීතිඥ නෙල්සන් පී කුමාර මහතා  ඇතුලු ජේ්‍යෂ්ඨ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර  ඔවුන්  ප්‍රකාශ කලේ අධිකරණ නියෝගයට පිටුපා විත්තිකරුවන් ක්‍රියාකිරීම ගැන ඔවුන් කණ්ගාටු වන බවත් විරෝධතාව දැක්වීම සාමකාමී ත්ත්වය අභිබවා ගිය බවට පිළිගන්නා බවටත් ඒ හෙතුවෙන් සිදුවූ රජයේ දේපල හානිය ස තක්සේරු‍ෙ කර එම මුදල ‍ගෙවීමට පොරොන්දු වන බවත් ප්‍රකාශ කරන ලදී.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ කේ ජී ගුණදාස මහතා පවසා සටියේ මේ අත්අඩංගුවේ සිටින සියලුම අය කතෝලිකයන් වන බැවින් ඔවුන්ගේ පවුල් වලට නත්තල් සැමරීම අහිමි වන හේතුව මුල්කොට අත්අඩංගුවේ පසුවෙන 18 දෙනාවම ඇප මත මුදා හරින ලෙසයි.
නිතිඥ රෝස් ප්‍රනාන්දු විසින් පළාත් සභා මන්ත්‍රිරුන් දෙදෙනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අතර ඇය පවසා සිටියේ මෙම මන්ත්‍රීවරුන් එදින මෙම විරෝධතාවයට සම්බන්ධ වූයේ ත්‍රීරෝද රථ කරුවන්ට සහයෝගය දක්වන්නට නොව රජය පෙරළාදැමිමේ අරමුණකින් බවයි.
මීගමුව  ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින්ක රුණු සැලකිල්ලට ගනිමින් දෙසැම්මෙබර්ම මස  2වනදා මීගමුවේදී සිදුවූ   මේ සිදුවීමේදී  රජයේ  දේපළ වලට  හානිකරමින් දුම්රියක් නවතා,ජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතයට බාධාකර ඇති බැවින් මෙය සැහැල්ලුවෙන් සැලකීමට නොහැකි බවත් , නීතිය සියල්ලන්ටම සමාන බැවින්   මේ සිදුවීමට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින 18 දෙනාට  අමතරව මීගමුව පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක් මගිත් තවත් පුද්ගලයන් 4 දෙනෙකු ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 28 දක්වා බන්ධනාගාර ගත කරන ලදී.