ත්‍රී වීල් ආනයනය සීමා කරන්න යයි

0
179
3weel

දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ ලක්ෂ 12ක පමණ සංඛ්‍යාවක් තිබිම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියි.

එසේම වයස අවුරුදු 35ට වැඩි අයට ත්‍රිරෝද රථ ධාවනය සඳහා බලපත් ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

ඉදිරි කාලය තුළදී මෙම නීති හා රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන කටයුතු සඳහා නව නීති සහ රෙගුලාසි පද්ධතියක් ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය  ආරම්භ කළ අතර මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳව ත්‍රිරෝද රථ සංගම් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් දැනගැනීම සඳහා  නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ඒ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කර සිටියේය.

Home