තාක්ෂණ නිළධාරිණි දිනිතිවත් අසරණ කළ ලංසා පවුලේ හිතවතාගේ දළුපත අනවසර ගොඩනැඟිල්ල ?

0
66

දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකල විට හමුවන තුංමන්හන්දියේ ⁣ගලායන ඇලක් අසල ⁣ගොඩනගමින් සිටි නිවසක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කරමින් අඛණ්ඩව ලිව්වෙමු . පසුව ප්‍රදේශවාසීන් මේගැන විරෝධතාව දැක්වූ අතර ඉන්පසු තාක්ෂණ නිලධාරිණිය තහනමක් ද පනවන ලදී .
අදාල ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මියට අනුවද මෙය ඉතා පැහැදිලිවම බරපතල වරදකි. පැහැදැලි නීති කැඩිමකි.
ඇය එසේ කියා සිටින්නේ පළාත් පාලන රෙගුලාසිවලට අනුවය.
තතු එසේ වුවද ඇගේ නිර්දේශයන් පවා බල්ලට දමා දැන් වැඩේ සිදුවෙමින් තිබේ.
ඒ  අනුව රජයේ නිළධාරින්ගේ නියෝගයද නොතකා කටයුතු කරන්නට නම් මේ තැනැත්තාට ලොකු දේශපාලන හයියක් තිබිය යුතුමය.
එසේ නම් ඒ ලංසාගේ පවුලදැයි දළුපත ප්‍රදේශවාසිහු දැන් ප්‍රසිද්ධියේ ම අහන තැනට කටයුතු සිදුව තිබේ.
මේ අදාල නිලධාරීන්ගේ නොහැකියාවද නැත්නම් මේ නිවස අයිතිකරු⁣ගේ හැකියාවදැයි එසේ නැති නම් වෙනත් හේතුවක් දැයි පැහැදිළි නැත .
කෙසේ වෙතත් දැන් මිගමුවේ රාජ්‍ය නිළධාරින් අසරණ කරමින් දේශපාලන ලොක්කන් නීතිය අතට ගෙන රගති. නිමල් ලංසාලා යලිත් පාර්ලිමේන්තු යවන්නට යැයි කියා ඡන්ද ඉල්ලා මේ දිනවල කැරකෙන්නේ තවදුරටත් මෙවන් නිති විරෝධි කටයුතු සිදුකිරිමට මිස අන්කවරකටදැයි දළුපත ජනයා දැනටමත් ප්‍රශ්ණ ප්‍රශ්ණ කරන්නට පටන් ගෙනය .

WhatsApp Image 2020-01-22 at 18.07.49