වෙරළ උද්‍යානයේ නාන තැන හදන්න මහජන බදුමුදල් ලක්ෂ 13ක් !

0
51

beach-prk-1මීගමුවෙ වෙරළ උද්‍යානය යනු නිරන්තරයෙන්ම පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. දශකයකට වැඩි කාලයක් නොකඩාවම එහි ටෙන්ඩරය ලබාගැනිමට පින්වත්ත වි ඇත්තේ ලංකාවේ පුළුල් කථාබහකට ලක්ව ඇති මිගමුවේ දේශපාලන පවුලක් විසිනි.
මීගමුව නගරයට අදායම් ගෙනෙන උල්පතක් කර ගත හැකිව තිබෙන වෙරළ උද්‍යානය කිසිවිටකත් මහජන සුභ සිද්ධියට අදායම්  ගෙනඒමට කටයුතු කිරිමට ගෙවනු දශකය තුල මීගමුව දේශපාලන අධිකාරිය කටයුතු කළේ නැත.
ලක්ෂ 17 ක්  පමණ වසරකට ගෙවිමට සිදුවන මේ ටෙන්ඩරය විසින් පෙරළා වසරකට ලබන අදායම ලක්ෂ 200 ද ඉක්මවා තිබේ.
මෙසේ එක් පුද්ගලයෙකු සදහා මෙසා විශාල අදායම් එක්කර දිමට මීගමුව මහනගර සභාවට පසුගිය දශකය පුරාම කටයුතු කර තිබේ.
තතු මෙසේව තිබියදි එහි ඉදිකරන්නට යෙදුණ පිහිණුම් තටාකය සදහා මුදල් වැයකරන  ලද්දේ එවකට සංවාරක කටයුතු ඇතුළව ක්ෂේත්‍ර 12 ක ඇමතිකම් දැරු පළාත් සභා ඇමති නිමල් ලංසා විසින් රජයේ මුදල්වලිනි.

වසරකට ලක්ෂ 17 ක අදායමක් පමණක් මහනගර සභාවට ගෙනඑන ටෙන්ඩරයක හිමිකරු ලක්ෂ 200 ක් වසරකට උපයයි.තතු එසේව තිබියදි තවත් ලක්ෂ 13 ක් මහජන බදුමුදල් වැයකරන්නට නගරාධිපති දායන් ලංසා දැන් සුදානම්ය.ඒ වෙරළ උද්‍යානයේ නාන තැන පිළිසකර කර දිම වෙනුවෙනි.
රාජපක්ෂ විසින් සිය පවුල නඩත්තු කිරිම සදහා ජනපති සිරිසේන හරහා ව්‍යවස්ථා විරෝධි ලෙසින් හෝ බලය තහවුරු කරගනිද්දි  ඒ සිරිසෙන මහතාගේම සහය සහ ආශිර්වාදය ඇතුව මිගමුවේදි  එක පවුලක නඩත්තුව සදහා ඒ පවුලට බලයට ලබගාගැනිමට යහපාලන ජනපති නොකර ශද්ද සිය සහය ලබාදි තිබුණේ පැරදුන ලංසා  පවුලට යළිත් නගරයේ පාලනය ලබා දෙමිනි .
මේ අනුව මේ සියල්ලන්මට ඇත්තේ. පළමුවත් පවුල දෙවනුවත් පවුල යන සටන් පාඨයම මිස ඉන් එහා ගිය එකක් නම් නොවේ.