තායිලන්තයේ වෙබ් මාධ්‍යකරුවන්ට දඩුවම්

0
209

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තායිලන්තයේ බැංකොන් නුවර සිට කළ ප්‍රකාශයක් මාධ්‍ය වල
ප්‍රචාරය විය. ඔහු ලංකාවේ ආර්ථික වේගය හොද මට්ටමක තිබෙන බවත් රටේ දියුණුව ගැන
වෙබ් අඩවි කීපයකින් බොරු ප්‍රචාර සිදුකරන බවත් ප්‍රකාශ කළේය.

මෙවැනි  ප්‍රකාශයක්   ජනාධිපතිවරයා   කරන්නේ වෙබ් අඩවි වලට
දොස් තබමින් පමණක් නොවේ මේ වන විට ලංකාවේ වෙබ් අඩවි කීපයක් තහනම් කර
ඇති පසුබමකය.  මෙසේ ජනාධිපතිවරයා ලංකාවේ වෙබ් අඩවි  විවේචනය කරන්නේ ඔවුන්ට තවත් දඩුවම් දෙන්නට ඕනෑ යයි අගවන්නට මෙනි. මෙවැනි ප්‍රකාශයක් දැන කරන තායිලන්තය යනු  පරිඝනක අපරාධ පනත යටතේ එරට බ්ලොග්  මාධ්‍යකරුවන්ට දැඩි දඩුවම් පමුණුවන රටකි. ජනාධිපතිවරයා දැන හෝ නොදැන බැංකොක් සිට මේ ප්‍රකාශය කරන විට තායිලන්තයේ රජය විසින් වරදකරුවෙකු කර දඩුවම් ලබාදීමට   සූදානම් වන www.prachatai.com හි කර්තෘවරියට  එරට අධිකරණයක් විසින් තීන්දුව ලබාදීමට නියමිතව තිබෙන්නේ හෙට දිනයේදීය. ඇය ‘ජූ පෙම්චියාපෝ යි ‘. ඇය කර්තෘත්වය දරන  www.prachatai.com  හි වෙබ් පුවත්පතට පාඨකයෙකු විසින් තායිලන්තයේ රජු පිළිබදව දැක්වූ අදහසක් (COMMENT) පදනම් කරගෙන එම කර්තෘවරියව එම රජය විසින් අත්අඩංගුවට ගෙන කීප වරක් ප්‍රශ්න කළ අතර ඇයට විරුද්ධව නඩුවක් පැවරීය. එම නඩුව පවරා ඇත්තේ එරට ක්‍රියාත්මක වන වන පරිඝනක අපරාධ පනත Computer Crime Act   යටතේයි.2010 දී ඇය සිරදඩුවම් ලැබූ අවස්ථාවක්. එම පනත අනුව එරට බ්ලොග් අඩවියකට එරට රජතුමා මෙන්ම රාජාන්ඩුව විවේචනය කිරීම  වරදකි. එම පුද්ගලයා සිරගත කළ හැකිය. ඒවැනි මර්ධනීය වාතාවරනයක් තුළ  තායිලන්තයේ මාධ්‍යකරුවන් කටයුතු කරති.  මැයි 02 වනදා අධිකරණය
හමුවේ පෙනී  සිටි ඇයගේ නඩු විභාගය නැවත මැයි 30 දක්වා කල්තැබුණ අතර මෙම නඩු තීන්දුව පිළිබදව දැනගැනීම සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධාන අධිකරණයට පැමිණ සිටිහය. එහිදී රජයේ පැමිණිලිකාර පාර්ශවයන්
කියා සිටියේ ඇය කතෘත්වය දරන ප්‍රචතායි වෙබ් අඩවිය විසින් 10 වතාවක් පමණ එරට රජතුමා හා රැජිනට අපහාස වන අන්දමේ අන්තර්ගතයන් අඩංගු කර ඇති බවයි. පරිඝනක අපරාධ පනත යටතේ වැරදි ගනයට වැටෙන පුද්ගලයෙකුට අවුරුදු 05කට යටත් සිරදඩුවමක් පැමිණවිය හැක.  ඇය වෙනුවෙන් දෙනු ලබන තීන්දුව සිර දඩුවමක් විය හැකි වුවත් එය බාර ගැනීමට ‘ ජූ ‘ සූදානම්ව සිටියි.  කෙසේ වුවත් මෙය මාධ්‍ය මෙන්ම අදහස් පළ කිරීමේ නිදහසට ලබාදෙන දඩුවමක් ලෙස මාධ්‍ය නිදහසට ගරුකරන මාධ්‍යෙව්දීන් සලකති.  http://www.prachatai.com/english/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here