තායිලන්තයේ සිරවි සිටි 70ක් ලංකාවට ! වෙනත් රටවල සිටින ලාංකිකයන් 40000 ක් එන්නට සුදානම් ?

0
58

airport-bandaranaikeකොරෝනා වසංගත රෝගී තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන ඊයේ (17) දින රාත්‍රී  මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මාලදිවයින ගුවන් සේවයට අයත් කිව්.26351 දරන එම විශේෂ ගුවන් යානය ඊයේ  17 දින රාත්‍රී  7.30 ට තායිලන්තයේ , බැංකොක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ සිටි මුළු ගුවන් මගීන් සංඛ්‍යාව 70 ක් වූ අතර , එම  70 දෙනාම  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.

අදාල සෞඛ්‍ය පරික්ෂා වලින් පසුව මේ පිරිස   ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා , යොමුකෙරුණි..

.කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත්  ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් සිටින  බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසා සිටි.

ඒ අනුව එම රටවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් 3,078 ක්,කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද මෙම පිරිසට ඇතුලත් වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සදහන් කර තිබේ.
මුලාශ්‍රය – ලංකාදිප වෙබ් අඩවිය