හමුදා පාලනයට යටවූ සයිබර් අවකාශය ?

0
131
මැයි 20 වනදා සිට තායිලන්තයේ හමුදා ජනරාල්වරයා විසින් එරට තුළ හමුදා පාලනයක් ප්‍රකාශයට පත්කළේය.  එතැන් සිට  එරට මාධ්‍යට  හමුදා පාලනයේ  වැරදි  පිළිබඳව කිසිවක්  ලියන්නට හෝ  විවේචනය කළ  නොහැකිය.  කොටස් වෙළදපළේ කඩාවැටීම පිලිබදව පවා  කිසිවක් පළ කළ නොහැක. මැයි 22 වනදා හමුදාව විසින් පාලනය අතට ගත් පසු ඔවුන්  විසින්  ඔවුන්ගේ පාලනය   සාමය සහ නීතිය උදෙසා ජාතික මණ්ඩලය නමින් හඳුන්වා දෙන ලදී.“National Council for Peace and Order”.
පසුගිය සතියෙන් පසු  හමුදාව විසින් හදිසියේ රෑපවාහිනී තිරය ද  ආක්‍රමණය කළේය. එය අදුරු විය. දේශානුරාගී ගීතං දිගින් දිගටම ප්‍රචාරය  කරන්නට පටන් ගත් අතර  පුද්ගලික නාලිකා පවා දෛනික තොරතුරු පමණක් ප්‍රදර්ශනය කරන ලදී. ටික දිනකට පසු හමුදා නාලිකාවේ පමණක්  ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට පටන් ගත් අතර ඒවා  කැරලි හමුදාවේ හොද වැඩ සහ ඔවුන් තායිලන්තය තුළ සිදුකරගෙන යන ක්‍රියාදාමයයි.
ඇත්තෙන්ම  මෙහි  සයබර් මාධ්‍ය වලට සහ මුද්‍රිත මාධ්‍ය වලට දැන් හමුදා පාලනයේ අඩුපාඩු හෝ එවැනි මාතෘකාවක් පිලිබඳ ඉගියක් දිමට අවසර නැත. එය නීතියෙන් තහනම් කොට තිබේ.  එසේ කිරීම සාමයට සහ නීතිය පවත්වාගෙන යාමට බාධාවක් විය හැකි බව  හමුදාව විසින් ප්‍රචාරය කර ඇත.14112082248_3d145c0a04_c
තායිලන්තය තුළ ප්‍රකාශනයේ නිදහස දැන් වෙන්දේසියේ තබා ඇතිවා සේය. මට හැගෙන ලෙස සියලු වාරණයන් අවකාශයෙහි ක්‍රියාත්මකවෙමින් තිබේ.  හමුදා කවුන්සලය සුළුවෙන් දෝෂාෙරා්පනයට ලක්කරන්නෙකුට පවා  හමුදා අධිකරණයකට යෑමට සිදුවිය හැක.

මාධ්‍යයට  තමන්ගේ  කාර්්‍යය ස්වාධිනව  කළ නොහැකි තත්ත්වයක්  උදාවී තිබේ.
නිවරදි තොරතුරු නොමැති නිසා   කටකතා වලට සරු පොළොවක් තැනෙනු ඇත. බිය සහ සංත්‍රාසය අන්තර්ජාලය හරහා ඉක්මණින් පැතිර යයි. ඒ  අතර පොදු සේවයේ යෙදෙන සේවකයන් විසින්  සිය පවුල් වල සාමාජිතයන්ට හා මිතුරන්ට  අන්තර්ජාලය හරහා අදහස් පළ නොකරන ලෙස අනතරු අඟවා  තිබේ. එම  අන්තර්ජාල කටයුතු කොයිමොහොතේ හෝ වාරණයට ලක්විය හැකි බව ඔවුන්ගේ අවවාදයයි. මේ වනතෙක් එවැනි දෙයක් සිදුවී නොමැති වුවත්  ප්‍රචාරය වන ආරංචිය එයයි.

මෙහි  මාධ්‍ය නිදහස මේ මොහොතේ තහවුරු කළ යුත්තේ ඇයි ?  2010 වසරේදී බැංකොක් නගරය මධ්‍යයේ සිදුවූ  රතු ෂර්ට්  විරෝධතාවට  සිදුකළ හමුදා වෙඩි තැබීමේදී ද රූපවාහිනී නාලිකා වලට එය වාර්තා කිරීම තහනම් කෙරිණි. හමුදාව  විසින් විරෝධතාකරුවන් විසුරුවාලීම සඳහා නවීන  තුවක්කු  භාවිතා කරන ලදී.  එහි ප්‍රතිඵලය වුයේ  98 දෙනෙකු මිය යාමයි.  බැකොක් නගරය තුළදී හමුදා ව අතින් සිදුවූ ජන ඝාතනය ගැන කිසිදු තොරතුරක් හරිහැටි නොදැන   සිටි තායිලන්ත ජාතිකයින් අඩක් පමණ හමුදාවට සහය පළකළේය. එහි ප්‍රතිපළයක් ලෙස විරෝධතාකරුවන්ට සිය ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය. ඒ අතර මාධ්‍යවේදීන්ද වූහ.
මාධ්‍යයේ නිදහස යනු , මනුෂ්‍යින්ට එරෙහිව සිදුවිය හැකි වධහිංසා වැලැක්වීම  උදෙසා ඇති ආරක්ෂණ පවුරකි.  මාධ්‍යයන් විසින් සිදුවන දේ  නිරීක්ෂණය කරන විට  වැරදි දෙයක් සිදුකිරීම දුෂ්කරය.
මේ වන විට සයිබර්  මාධ්‍යයට හා මුද්‍රිත මෙන්ම විද්්‍යූත් මාධ්‍යට ද පවතින හමුදා පාලනය තුළ සිදුවිය හැකි  නරක දේ ප්‍රකාශයට පත්කල නොහැකි අතර එසේ කළහොත් ඔවුන්ට හමුදාව විසින් පාලනය කරනු ඇතැයි යන  අදිසි බියෙන් සියල්ලන්ම ස්වයං වාරණක යෙදෙනු ඇත.

කිසිවෙකුට මේ මොහොතේ හමුදා අධිකරණයකට ගොස් නිකරුණේ දඩුවම් විදීමට අවැසි නොවේ. මා පෞද්ගලිකව රට තුළ මේ මොහොතේ සිදුවන හමුදා පාලනය මෙන්ම මාධ්‍ය නිදහසට එල්ලවී ඇති බලහත්කාරකමට එකඟ නැත. අපගේ දෛනික ක්‍රියාකාරකම් වලින් ඈත්ව ,මැලවුණු බලාපොරොත්තු සමඟ කොතරම් දුර යා හැකි ද? අන්තර්ජාල කටයුතු වල නිදහස නැවත තායිලන්තයට ලැබේවි යැයි මා ප්‍රාර්ථනා කරන්නෙමි.

උපුටා ගැනීම – ග්ලෝබල් වොයිස් විසින් පළ කරන ලද
නිරනාමික බ්ලොග්කරුවෙකුගේ සටහනකි.