තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ඇරඹේ !

0
121

1443436078_4142797_hirunews_classකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.රජයේ සහ සෞඛ්‍ය අංශයන්හි නිර්දේශ අනුව උපකාරක පන්ති ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එම සංගමයේ මාධ්‍ය ඒකක ප්‍රධානී තිරංජය ගම්ලත් මහතා පැවසීය.මෙහිදී සිසුන් අතර මීටරයක පරතරයක් තබාගැනීම හා මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය බව ද ගම්ලත් මහතා සඳහන් කළේය.

සෞඛ්‍යාරක්‍ෂිත පන්ති කාමරයක් නිර්මාණය කිරීම සඳහා ද සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මගින් විධිමත් වැඩසටහන් ගණනාවක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර රජය පවසා තිබුනේ උපකාරක පංතියක සිටිය හැකි උපරිම සිසුන් ගණන 100 කට සිමා කළ යුතු බවය.සෞඛ්‍ය නිර්දේශ මත පදනම් වෙමින් පාසැල්වල ආරම්භයද ජුනි 29 වෙනිදාට යෙදි ඇත.,