තැපැල් ස්ථානාධීපති පිං පඩි ගසා කෑවාද ?

0
159

පසුගිය කාලයේ මීගමුව මුන්නක්කරය ග්‍රාමයේ තැපැල් ස්ථානාධිපතිවරයාට විරුද්ධව
පෝස්ටරයක් ගසා තිබූ බව වාර්තා විය. එයට හේතුව වී ඇත්තේ එම ග්‍ර‍ාම සේවා කොට්ඨාශයේ

වයස්ගතවූවන්ට ලැබෙන පිං පඩිය හා රජයෙන් නැවත යෝජනා වී තිබූ සමෘද්ධිලාභීන්ගේ
විශ්‍රාම වැටුප් කාලයක් ුරා ඔවුන්‍ට නොලැබීමයි. මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්
මෙම විශ්‍රාම වැටුප් ලාභීන් පිළිබදව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මුන්නක්කරය ග්‍රාමය තුළද
මෙම සමීක්ෂණය සිදුකර ිබේ. ඉන්පසුව මුන්නක්කරය තැපැල් ස්ථානාධිපතිවරයා
සම්බන්ධයෙන් විණය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තාවේ.
මේ පිළිබදව විමසා බැලූ විටඅපට දැනගන්නට ලැබී ඇත්තේ මේ වනවිට  මුන්නක්කරයේ
තැපැල් ස්ථානාධිපතිවරයා විසින් සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී ඇති බවයි.