තිස්ස මඩවල, ලංකාදීපය සහ චැනල් 4

0
88

ලංකාදිප වෙබ් අඩවියට වැඩිපුරම පුවත බෙදන තිස්ස මඩවල නැමැත්තා විසින් කිසිදු සාධයක් පදනම් කරගන්නේ නැතිව චැනල් 4 තවත් මඩ විඩියෝවක් හදයි යනුවෙන් පුවතක් පළ කර  තිබුණි
පහතින් පළ වන ඒ පුවතට මඩ පුවතක් යැයි කියන්නට කිසිදු සාධක සහිත කරුණු ඉදිරිපත් කිරිමක් ඉදිරිපත් කර නැත.
මාධ්‍යවේදියා වාෂ්ප වි ගොස් සිංහලයා පමණක් ඉතිරිවු විට එහි ඇත්තේ මාධ්‍ය කලාව නොව සිංහල ජාතිවාදයයි.
අද ලංකාවේ අතිබහුතරයක් මාධ්‍ය වේදින් පිළිබද යථාර්ථයද මෙයයි.
තිස්ස මඩවල් යනු ඒ ගොන්නේ එක් අයෙක් පමණි.

චැනල් ෆෝ තවත් මඩ වීඩියෝවක් හදයි

2013 නොවැම්බර් මස 04 10:29:27 | තිස්ස මඩවල

සති ගණනාවක සිට පුර්ව ප්‍රචාරක පටයක් නොකඩවා ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියක් ලබා දී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකා විරෝධී තවත් වැඩසටහනක් ඉරිදා රාත්‍රී විකාශනය කළේය.

මිට පෙර පෙන්වූ වැඩසටහන් දෙක මෙන්ම මෙයද අධ්‍යක්ෂණය කළේ කැලම් මැක්රේ විසිනි. 

එල්ටිටිඊ ත්‍රස්තවාදීන් සමඟ පැවති යුද්ධයේ අවසන් කාලයේ දී ශ්‍රී ලංකා හමුදාව  අතින් යුද  අපරාධ සිදුවූ බවට හුවා දැක්වීම මෙහි අරමුණ වී ඇති බව පැහැදිලිවම පෙනෙන බවත් , කොළඹදී පැවැත් වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන  නායකයන්ට  බලපෑමක් කිරීමට එමගින් උත්සාහ කරන්නට ඇති බවත් වැඩසටහන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ම පැවසුහ.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනියේ රූපරාමු බොහෝ ගණනක් එම වැඩසටහන තුළ තිබිණි.

එල්ටිටිඊ රුපවාහිනි නිවේදිකාවක ලෙස හඳුන්වාදුන් ඉසිප්‍රියා නම් කාන්තාවක මරා දැමූ බව කියන සිද්ධියකට ඔවුන් මුල් තැන දී තිබිණි.