තුරුණු ශක්ති ප්‍රජා සත්කාරය මගින් සංවිධානය කල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පාඪමාලාව නිම කල සිසුන් සඳහා සහතික පත් බෙදා දීමේ උත්සවයක් පසුගිය මස 21 දින බස්නාහිර පලාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මැතිතුමාගේ ප්‍රධානත්වයේන් පැවැත්විනි. මීගමුව ඒත්තුකාල සිල්වේස්ටර් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැති මෙම උත්සවයට මීගමුව දොන් බොස්කෝ ආයතනයේ ගරු මේරි කන්‍යා සොහොයුරියද තුරුනු ශක්ති ප්‍රජා සත්කාර පදනමේ සභාපති ශනිත් මිරැන්ඩා මහතා, ඒත්තුකාල සිවිල් ආරක්ෂක කමිටුවේ සනා මහතා සහ ඤානම් මහතා, සහ තවත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පාසල් යන දූදරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් තුරුණු ශක්ති ප්‍රජා සත්කාර පදනමේ සභාපති ශානිත් මිරැන්ඩෝ මැතිතුමාගේ අදහසකට මෙය නොමිලේ ඉදිරිපත් කෙරිනි.