තෙප්පම් ඇන්ටනිගේ පාට් ජොබ් එකට වෙච්ච දේ ?

0
218
පිටිපන පැත්තේ තෙප්පම් ඇන්ටනි කිව්වම නොදන්න කෙනෙක් නැ.ඇන්ටනි කොයි ජොබ් එකත් ඔට්ටුයි.තෙප්පම් ,පොඩි බෝට්ටු විතරක් නෙමෙයි ලොකු බෝට්ටු රස්සාවත් හුරුයි.

මුහුදේ වාරකන් ඉවර වෙලා වලාල කාලය පටන් ගත්තම ඇන්ටනිට තවත් පාට් ටයිම් ජොබ් එකක් තියෙනව.

ඒ තමයි ලෙල්ලම ලඟ විසිදැල් ගහන එක.මාලු කපල දාන කෑලි කන්න මාළු ඒ අවට කැරකෙනව.විසිදැල අරන් එන ඇන්ටනි දැල්පාඩු දෙකක් ගැහැව්ව නම් ඕරාවෝ ලීල් පෙත්තෝ ඇති තරම් අල්ලගන්න පුලුවන්.

හැබැයි දැන් ඇන්ටනිගේ ජොබ් එක ඉවර වෙන්න යන්නේ . මොකද මුහුදේ වලාල කාලය ඉවර වෙලා වාරකන් පටන් දැන් ලගයි .

පහුගිය දවස්වල මුහුද සැරවුනා පුදුම විදියට ඉතින් කලින් දවස්වල වගේ විසිදැල් ගහල මාළු අල්ලන්න බැරිවුනා
ඉතින් ඇන්ටනි තමන්ගේ පාට් ටයිම් එක කරන්න වලාල කාලය එනකම්ම ඉන්න වෙනව

  • Tags