තෙප්පම් ධීවරයාගේ සාම සාකච්ඡාවෙන් පසු තහනම් කොටුදැල හකුලා ගනී.?

0
88

තෙප්පම් ධිවරයා

පසුගිය සතියේ මතුවී තිබුනු තහනම් කොටුදැල් නිසා මතුවූ ප්‍රශ්ණය මුහුදේදීම විසඳාගැනීමට තෙප්පම් ධීවරයා සමත්වී ඇත . මෙහිදී තෙප්පම් ධීවරයින් වෙනදා මෙන් කෝලහල වලට නොගොස් සාම සාකච්ඡාවක් මගින් ප්‍රශ්ණය විසඳාගෙන ඇත .මේ නිසා තමන්ගේ දැල්ද රැගෙන ආපසු හරවා යැවීමට හැකිවීම ලොකු ජයග්‍රහණයක් බව ශාන්ත සෙබස්තියන් තෙප්පම් සමීතියේ සභාපති රංජිත් මහතා පවසයි .
පලඟතුරේ සිට එන කොටුදැල් ධීවරයින් නතර කළද වැල්ලවීදිය ප්‍රදේශයේ සමහර අය තවමත් කොටුකිරීමට යොමුවීම ගැන ප්‍රශ්ණයක් තිබෙන බවත් , මේ ගැන අදාල අය  හමුවී සාකච්ඡා කිරීමට අදහස් කරන බවත් රංජිත් මහතා අප සමඟ පැවසීය .
අප මේගැන විමසා බැලීමේදී පැහැදිලි වූයේ මෙසේ වැල්ලවිදිය ප්‍රදේශයේ කොටුදැල් කරනු ලබන අය  නගරාධිපතිවරයාගේ සමීපතමයන් බවය. ඔවුන් නගරාධිපතිවරයාගේ හයිය රැගෙන මෙම රස්සාව කළ බවද මේ ධිවරයෝ පවසති.