තෙල්වත්ත හංදියේ දී කාර්- බස් අනතුරක්

0
96

බස් රිය ගැටුම            මෝටර් රථය ගමන් කලේ හලාවත – කොළඹ පාරේ කොළඹ දෙසටය.  ඉන් පිටුපසින් පැමිනුණ වායුසමනය කල නගරාන්තර බස් රථය ධාවනය වුයේ ද කොළඹ දෙසටය. මෝටර් රථය සිග්නල් ලයිට්ද දමා මීගමුව තෙල්වත්ත හංදිය ආසන්නයේ ඇති කාගීල්ස් ෆුඞ් සිටි ආයතනය දෙසට එනම් දකුණු පැත්තට හැරවීමට සැරසුනා පමනකි.  පිටුපසින් පැමිණි බස්රිය මෝටර් රථයේ පිටුපස ගැටී අඩි 10 පමන ඉදිරියට ඇදී ගොස් මෝටර් රථය පැමිණි දෙසට විරුද්ධ දෙසට කැරකී නතර වන්නට විය. බස් රථයට ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථය එම අනතුරින් පසුව තිබු‍ණේ  බස් රථයට මුහුනට මුහුණලාය. බස් රථයද මහා මාර්ගයේ මංතීරු වෙන් කිරිමට මාර්ගයේ මැද තනා ඇති සිමෙන්ති බැම්ම උඩ නතර විය. මෙය සිදු වුයේ ජුනි මස 20 වැනි දින සවස 4.00 ට පමන මීගමුව, තෙල්වත්ත හංදිය ආසන්නයේ ෆුඞ් සිටි අසලය. මෝටර් රථයට හා බස් රථයට සැලකිය යුතු හානියක් සිදු වී තිබේ. මෙම අනතුරින් කිසිවෙකුට බරපතල තුවාල සිදු වී නොමැති අතර කිහිප දෙනෙකුට සුඵ සීරීම් තුවාල පමණක් සිදු වී ඇත. 

ඡායා සහ සටහන – තුෂාර රොහාන්