තෙල්වත්ත හන්දියේ අරගල භූමිය අදට දින17 පසුකරමින් සිටී…

0
143
IMG 20220508 120628
IMG 20220508 120540

6 වන දින රටපුරා ක්‍රියාත්මකවූ හර්තාලයත් සමග අරගල කරුවෝ ගිමන් හරින මොහොතකි.

නමුත් තෙල්වත්ත හන්දියේ අරගල භූමිය තුළ සිටින මිනිස්සු ඉදිරියේදී මතුවිය හැකි ජන අරගල සඳහා සූදානම් වෙමින් සිටින ආකාරයකි.
මීගමුව නගරයේ බහුතරයක් වන ධීවර ජනතාව තම දායකත්වය සපයමින් මෙහි රාත්‍රිය පහන් කරනු දැකිය හැක.

ඔවුන් විවිධ දෑ පිළිබඳව සුහද සාකච්ඡා , සංවාද සහ තර්කානුකූල අදහස් මගින් අරගල භූමිය තුළ නිදි වරති .

එක් නාගරික මන්ත්‍රී වරයෙකු ජාතික ජනබලවේගය නියෝජනය කරයි. තවත් එ.ජා.ප. ය නියෝජනය කරන නාගරික මන්ත්‍රී වරයෙකු හැර අන්අය අතර වැඩි සංඛ්‍යාව ධීවරයින්ය. මෙහි වැඩි සද්දෙන් වැඩ කරන සංවිධාන නියෝජනය කරන්නෝ නැත .
අරගලය තුළ මනුෂ්‍යත්වය අපි අත්දකිමින් සිටිමු. එකිනෙකා අතර පවතින සහෝදරත්වය මුසුවූ හැඟීම මත අරගල භූමිය තුළ මනුෂ්‍යත්වය මතුව ඇත .
හෙට දිනය නිර්මාණය කළ හැක්කේ මෙම මනුෂ්‍යත්වයට පමණක් බව අපි විශ්වාස කරමු .


වෙලාව 12. 34 පසු කර ඇත . මෙහි දැක්වෙන්නේ මෙම වෙලාව තුළ මෙහි සිටින මිනිස්සුන්ගේ මිනිස් හැසිරීමයි. යථාර්ථය අපි දකින්නෙමු. මෙහි විවිධ පක්ෂ සංවිධාන සහෝදරාත්මකව ක්‍රියාත්මක වෙති.

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here