තෙල් සහනාධාර ප්‍රෝඩාවට එරෙහිව ධීවරයෝ නගර සභා භුමියේ කඳවුරු බඳිති.

0
62

82012 වසරේ වැඩිකළ ඉන්ධන මිළ සම්බන්ධයෙන් ධීවරයින් විසින් ගෙනගිය අරගලය පල්ලියේද මැදිහත්විමෙන් සමතයකට පත්වුයේ ධීවරයන් හට රු 9375 ක සහනාධාරක් ඉන්ධන සහනයක් ලෙසින් මාසිකව ලබාදෙන බවට වු රජයේ පොරොන්දුවත් සමගිනි.
එහෙත් එය ධිවරයන් වෙත ලැබුනේ මාස කිපයක් පමණි.
මීගමුවට 2014 ජුනි 16 වනදා රැස්වු 10000 කට අධික ධිවරයෝ රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවකට මුල පුරන ලද්දේ කතෝලික පියතුමන්ලාගේද පුර්ණ ආශිර්වාදය සහ සහයෝගය මැද්දේය.
දවසපුරාම විරෝධතාවේ යෙදුන ඔවුන් එකම ඉල්ලිම වුයේ මාස 13 ක් නොගෙවු සහනාධාරය වහා ගෙවන ලෙසය.
රජය දැනටමත් මේ සහනය නොදි විවිධ සහන යෝජනා ඉදිරිපත් කර තිබුනද සියළු ධිවරයෝ ඒවා තරයේ ප්‍රතික්ෂේප කර සිටිති.
තමන්ගේ ඉල්ලිම් ලැබෙන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක් සදහා අද ඔවුන් වාඩිවි තිබුනේ මීගමුව මහනගර සභා භුමියේ ඉදිකර ඇති ක්‍රිස්තු ප්‍රතිමාව ඉදිරිපිටය.
අප මේ සටහන වෙනුවෙන් ජායාරූප ගැනිම සදහා අද රාත්‍රි 10 ට පමණ එහි ගිය විට 1000 කට අධික පිරිසක් නගර සභා භූමිය තුල කඳවුරුලා ගෙන සිටිනු දක්නා ලදි.