තොරතුරු දැනගැනිමේ අයිතිය පතා මාධ්‍ය සංවිධාන එක්ව සටන් කිරිමට තින්දු ගනී.

0
64
media 2තොරතුරු දැනගැනිමේ අයිතිය මාධ්‍ය , නිදහස සහ ප්‍රජාතන්තවාදය සදහා එක්ව සටන් කිරිමේ අරමුණින් මාධ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරින් විසින් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරිම සදහා විශේෂ මාධ්‍ය හමුවක් 2014 පෙබරවාරි 5 වනදා ශ්‍රි ලංකා පුවත් මණ්ඩල ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.
මෙහි ආරම්භක අදහස් දැක්විම සිදුකළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්ම කැඳවුම්කරු වු සමන් වගආරච්චි මහතා සදහන් කළේ 1994 දි පැවැති මාධ්‍ය මර්ධනයට එරෙහි පුළුල් එකාබද්ධ වැඩපිලිවලෙක් සියලු ප්‍රගතිශිලි කොටස් හා එක්ව ගොඩනැගු බවත් අද ඊටත් වඩා දරුණු තත්වයක් රට තුල මතුව ඇති හෙයින්  මාධ්‍ය කණ්ඩායම් හා  මාධ්‍යවේදින මාධ්‍ය නිදහස් සදහා ක්‍රියාකාරි කමිටුව නමින් ඒකාබද්ධ වැඩපිළිවෙලකට ගොනු වු බවය.
මෙහි ඉදිරි පියවරයන් ලෙසින් තොරතුරු දැනගැනිමේ අයිතිය නිතිගත කිරිම සදහා අත්සන් දශ ලක්ෂයක පෙත්සමක් ආරම්භ කිරිමට කටයුතු කරගෙන යන බවත් එකාබද්ධ වැඩපිලිවෙල සමාජ ගතකිරිම සදහා වන පළමු සම්මන්ත්‍රණය පෙබරවාරි 13 වනදා සවස 3 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්වෙන බවද දැනුම් දුණි.
මෙම මාධ්‍ය හමුවේදි මාධ්‍ය සංවිධානය නියොජ්නය කරමින් පහත සදහන් මධ්‍යවේදින් මාධ්‍යවේදිනියන් අදහස් දක්වන ලදි
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය-
Federation of Media Employees Trade Union,-
Sri Lanka Tamil Media Alliance,-
Sri Lanka Muslim Media Forum –

Media Movement for Democracy

Sri Lanka Journalist Trade Union –

Professional Web Journalist Association-

Young Journalist Association

Young Christian Journalist Association-

United Media Forum

Freedom for Journalist