තොරතුරු දැනගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය නොදන්නා කොන්ත්‍රාත්කරුවෝ ?

0
53

 

vi2 3 540A2210තලාදූව  පාරේ පිහිටි 2වන එළිසඛෙත් රැජින  මාවත කොන්ක්‍රීට් කිරීම ඊයේ  (27)  වනදා ආරම්භ කෙරිණි. මේ වනවිට කොන්ක්‍රීට් දැමිමට පෙර පාර සකස් කරමින් පවතින අතර අද (28) මේවනවිට පාරෙන් සුද්ද කර ඉවත්කරන ලද පස් පස් ට්‍රැක්ටරයකටත් වඩා පුරවා අවසන් වී  ඇත. නොම්බර තහඩුවක් නැති එල්ෆ් රථයක් මෙම පස් ප්‍රවාහනය කිරීමට රැගෙන යාමට පැමිණ තිබුණි.  මෙම පාරේම මිපුර වෙබ් අඩවියේ කාර්යාලය පිහිටා ඇති බැවින් මේ සම්බන්ධයෙන් යම් විමසුමක් මේ පස් එකුතකරන පුද්ගලයින්ගෙන් සිදුකරන ලදී.
එක්   පුද්ගලයෙක්  පවසා  සිටියේ  මෙම පස් ගෙන ගොස් කුරණ තිඛෙන ඉඩමකට දමන බවයි. පසුව අප නැවතත් විමසා සිටියේ එම ඉඩම නගර සභාවට අයත් ඉඩමක් ද පුද්ගලික ඉඩමක්ද යනුවෙනි. නමුත් එයට සෘජු පිළිතුරක් නොදුන් ඔවුන්ගෙන් එක් අයෙකු පවසා සිටියේ ඔයාලට ඔ්නා නම් ඔතනට පස් දාලා දෙන්නම් යනුවෙනි. නමුත් මගේ ප්‍රශ්නය පෙරළා මම නැවතත් ඇසුවේ මේ පස් නගර සභාවට අයති ඉමකටද නැතිනම් විකුණනවාද යන්නයි. එවිට එහි සිටි පුද්ගලයා පැවසූවේ ඒක ඔයාට වැඩක් නෑනේ හරිනම් මේ ගොඩනැගිලිත් පාරට වැඩියි ඉස්සර වෙලා ඒවා බලාගන්න යනුවෙනි.
කෙසේ වෙතත් පසුගියදා  මීගමුව සම්බන්ධිකරණ කමිටුවේදී  යෝජනා වූ පරිදි මිගමුවේ පස් පිටට යන්නට නොදී මීගමුවේම සංවර්ධනයට  යොදා ගත යුතුයි යන අදහස පරිදි මේවා යොදාගත යුත්තේ පුද්ගලික ලාභ සදහා නොවේ. නගර වැසියන්ට ප්‍රයෝජනවත් වන පරිදි  මෙම පස් යෙදවිය යුතුය. පාරක තිඛෙන පස් අයිති නගර සභාවට වුවත් එය පොදු යහපත සදහා යෙදවිය යුතුය. නමුත් අද පස් වලට වැලි වලට ඇති වටිනාකම හමුවේ මේවාට සිදුවන්නේ කුමක්ද කියා කවුරුත් දනිති. මෙම කුරණ තිඛෙන ඉඩම කාගේද යන ප්‍රශ්ණයට  නිසි පිළිතුරක් ඔවුන්ගෙන් ලැබුණේ නැත. පිරවිමට නම් ඉඩම් ඔ්නෑ තරම් රැජින මාවතේ ද පිටුපසට වන්නට ඇත. එය මේ කොන්ත්‍රාත්කරුට අමතක වූවාද  යන ප්‍රශ්නයක් ද මතුවේ.