තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් මෙරට පැවැත්වෙන පළමු අන්තර්ජාතික සමුළුව හෙට..

0
65

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාතික සමුළුව සැප්තැම්බරු මස 28 හා 29 යන දෙදින කොළඹදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ සදහා දේශීය මෙන්ම විදේශීය පිරිස් 300ක් පමණ සහභාගී වනු ඇති. මෙහි සමාරම්භක උත්සවය 28 වනදා කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී තරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඊට අමතරව එම අවස්ථාව සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත අතර ගරු කථානායන කරූ ජයසූරිය මහතා,අමාත්‍ය ගයන්ත කරුණාතිලක,නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, හා ආචාර්‍ය රංග කලංසූරිය මහතා ඒ අතර ප්‍රධාන වේ.

මෙම සමුළුව සම්බන්දයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන මහතා පවසා සිටියේ සමුළුවේ ප්‍රධාන අවධානය යොමු වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය, මාධ්‍ය නියාමනය හා ජනමාධ්‍ය අද පවතින තත්වය පිලිබදව බවයි.එලෙසම එම අවස්ථාවේදී  ආචාර්‍ය රංග කලංසූරිය මහතා කියා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ කල යුතු අතර දැනටමත් මේ පණත ක්‍රියාත්මක කරන අස්ලවාසී රටවල් වන ඉන්දියාව,පාකිස්ථානය වැනි රටවල් වලට මෙම පණත පිලිබදව ඇති අත්දැකීම් පිලිබදව විමසීමද වැදගත් බවයි.

මෙරටදී පැවැත්වෙන මෙම සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ අන්තර්ජාත්ක තොරතුරු දැනගැනීමේ අයිතිය සදහා වන දිනයට සමගාමීව වීමද විශේෂත්වයකි.

image2

 

news.lk ඇසුරිණි.