තෝප්පුව ඇල මායිමේ නව ඉදිකිරීමකට අවසර නැහැ

0
141

කොච්චිකඬේ නගරයේ  ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත් ඇල මාර්ගයක් කැපූ සිද්ධිය පිලිබදව පසුගිය 24 වනදා කොච්චිකඩේ පොලිස් සථානයට අලුතින් පත්ව ආ ස්ථානාධිපතිවරයා විසින් නැවත විමර්ශනය ආරම්භ කර තිබුණේ  එම ස්ථානයද පරීක්ෂාවට ලක් කරමිනි.  එසේ පරීක්ෂා කළ පසු එදිනම තුෂාර සුපර් මාර්කට්හි හිමිකරැ විසින් එම මායිමේ තාප්පයක් ගසා ඇත. එසේ තාප්පයක් ගසා ඇත්තේ ඔහු විසින් ඇල මාර්ගයෙහි කරන ලද  වෙනස්කිරීම තිබියදීම බව  වාර්තාවේ.
පසුව ජනවාරි 27 වනද කොච්චිකඩේ පොලීසියෙහි  මේ පිලිබදව  විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ සදහා පොලිස් සථානාධිපතිවරයා, මීගමුව නගරාධිපතිවරයා සහ අදාළ වසමේ ග්‍රාම නිලධාරිණිය,  සහභාගී වී ඇත.  මෙහිදී  නැවතත් එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක්, ගොඩකිරීමක් කිරීම නැවැත්වීට යෝජනා වී ඇති අතර මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය කටයුතු කොච්චිකඩේ පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

http://www.meepura.com/news/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80-%E0%B7%80%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96-%E0%B6%AD%E0%B7%9D%E0%B6%B4

.