තෝප්පුව ඇල රක්ෂිතය ව්‍යාපාරිකයෙක් වැලි දමා පුරවලා…

0
47

නීතිය වල් වැදුන නගරයක නිති කඩන්නට කිසිවෙකුත් බිය නොවේ.අද මීගමුව නගරය තුල සිදුවෙමින් ඇත්තේ මේ යථාර්ථයයි.

පරිසරය සුරකීමේ ප්‍රධාන වගකිමක් දරන ප්‍රා දේශිය ලේකම් කලපුවේ හදවත බදු කඩොලන පරිසරයෙන් කඩොල් අක්කර 8 ක් විනාශ කළවුන්ට අද වනතුරුත් කිසිම දඩුවමක් නියම කර නැත.

මීගමුව ආණ්ඩු පක්ෂ සංවිධායකගේ පුතා ඒත්තුකාල සංචාරක පුරයේ වැලි හරා කුඩා වැවක් බදු ජලාශයක් නිර්මාණය වි ඒ අවට වැසියන්ගේ නිවෙස් පවා අවධානමට ලක්වුවද කිසිදු රජයේ නිළධාරියෙක් ඒ සදහා මැදිහත්වුයේ නැත.

නිතිය රකින්නට සිටින පොලිසියක පොලිස් ස්ථානාධිපති හොරුන්ගේ හොර බඩු සොරකම් කර බන්ධනගාරගතව සිටින නගරයක හොර වැඩකරන්නට බියවන්නන් සිටිය හැකිද???

මුහුණ පැහැපත් කරගන්නට සැලුන් එකකට ගිය කතක් මරා දමා සිරුර කැලයක දමා ඇගේ අභරණද විකුණා තමන්ගේ ණය බේරාගන්නට කාන්තාවක් කටයුතු කරන තත්වයක් මේ නගරයේ ඇතිවුයේ කෙසේද.??

මීගමුව දේශපාලනය තුල සිදුවු පාදඩකරණය විසින් නගරයට  මේ සියල්ල දැන් එක්කර  දි තිබේ.නගරයේ බහුතරයක්  රජයේ නිලධාරින් මීගමුවේ දේශපාලකයන්ගේ හයිය ගනිමින් සිය රාජකාරිය අමතක කර එය මුදල් ඉපයිමේ කටයුත්තක් පමණක් බවට පත්කරගෙන තිබේ.මෙවන් යථාර්ථයක් තුල මීගමුව කොච්චිකඩේ ප්‍ර දේශයේ තොප්පුව ඇල ඒ අසල ව්‍යාපාරිකයෙක් විසින් පුරවන්නට පටන්ගෙන ඇත්තේ ඔහු විසින් බදු දි ඇති සිය ව්‍යාපාරික ස්ථානයේ රථගාල සකසා ගැනිම වෙනුවෙනි.
මෙම ඇලෙහි දකුණු මායිම අයත් වන්නේ මීගමු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට වන අතර උතුරු මායිම කටාන ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයටය.මෙම නිතිවිරෝධි කටයුත්ත සම්බන්ධයෙන් කොච්චිකඩේ අංක 78 දරන ග්‍රාම නිලධාරි කොට්ටාශයේ ග්‍රාම නිලධාරිනිය විසින් කොච්චිකඩේ පොලිසියේ පරිසර ඒකකයට පැමිණිල්ලක් මීට සති දෙදකට ඉහතදි කර ඇත.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වු පොලිසිය මෙහි පස් පිරවිම නවාත ඇත.ඒ මිට සති දෙකකට ඉහතදිය. මේ සම්බන්ධයෙන් අප විසින් කොච්චිකඩේ පොලිසියෙන් විමසා සිටි  අවස්ථාවේදි ඔවුන් පවසා සිටියේ 2011 ඔක් 23 වනාදා උදේ වරුවේ පැමිනිලි විභාගයක් කිරිමට නියමිත බවය.

එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව ඇත්තේ මේ අනිතික ක්‍රියාවට මුල්වු පුද්ගලයාට එරෙහිව නඩු දැමිමයි.ඒ හරහා   විනාශ කර ඇති ඇල  රක්ෂිතය යළි යථා තත්වයට පත් කිරිමයි.ෙමය පමා කරන්නේ ඇයිද යන්න අපට නම්  ගැටළු සහගතය.