තෝරා බීඩි මුදලාලිගේ ක්ලබ් එකට එලිය දෙන්න නගරාධිපති ගහපු ගේම ?

0
596
අනවසර කඩ ඉවත් කළ පසු තෝරා බිඩි මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි
තෝරා බිඩි මුදලාලිගෙ බිල්ඩිම .jpg
අනවසර කඩ වලින් වටවි තිබුණු තෝරා බිඩි මුදාලාලිගේ තෙමහල් ගොඩනැගිල්ල

(9.30 pm ) මීගමුව මහනගර සභාවේ සාප්පු සංකිර්ණයේ වැසිකිලි පද්ධතියට යාබද ඉඩම අතිශයින්ම වානිජ වටිනාකමක් සහිත ඉඩමකි.
එකි ඉඩමේ දැන් හිතුවක්කාරි ලෙසින් නිති විරෝධි තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බව මීගමුව එජාප ආසන සංවිධායන රොයිස් විජිත මහතා විසින් දැනට වසර කිපයකට ඉහතදි මහසභාවේදි මතුකර තිබුණි.
පිටිපන පදිංචිකරුවෙකු වන තෝරා බිඩි සමාගමේ අයිතිකරු විසින් මේ  ගොඩනැගිල්ල ඉදිකර තිබේ.එ කාලේ  මෙහි බියර් සැලක් විවෘත කරන්නට කටයුතු කර තිබුණ අතර දැන් ඇත්තේ සමාජ ශාලාවකි.
නගර සභාවට අයත් ඉඩමක මේසා විශාල ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ කෙසේද ? ඊට අවසර දුන්  නිළධාරින් කව්ද ??මේ අත යට ගණුදෙනුව පිටුපස සිටින දේශපාලකයන් කව්ද ???
ගැටළු රැසක් එදා සිටිම මතුව තිබුණි.
දැනට වසර ගණනකට ඉහතදි වෙඩි තබාගැනිමක් ගැනද වාර්ථා වි තිබුනේ මේ සමාජ ශාලාවෙනි.
මෙයට පවත්වාගෙන යාමට වගකිම් භාරගෙන සිටින්නේ ලංසා පවුලේ සමිපතයන් වන මිගමුවෙ මහනගර සභාවෙම නිළධාරින් පිරිසක් විසිනි.පසුගිය කාලය තුල නගරාධිපති දයාන් ලංසා විශේෂ මෙහෙයුමක් දියත් කරමින් මේ කඩ ඉවත් කරන්නට පියවර ගෙන තිබුණි.

මෙවන් පසුබිමකදි නගරාධිපති දායන් ලංසා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර තිබුණ කඩ කැඩිම ඉක්මන් කරමින් කටයුතු කර තිබුණි. එහි ඇත්ත හේතුව නොදන්නා සහ ඇතමුන් මෙය නගරාධිපති දයාන් ලංසාගේ නිර්භිත ක්‍රියාවක් බවත් අනවසර ඉදිකිරිම් නගරයෙන් ඉවත් කළ යුතු බවත් කියමින් දයාන් මුහුණු පොතට ලොරි ටොක්ස් දෙන්නට පටන් ගෙන තිබුණි.
දායන් ලංසා විසින් කරනු ලබන සියළු ක්‍රියාවන් පිටුපස ඇති කටුක ඇත්ත එදත් අදත් හෙළිකර සිටියේ මිපුර පුවත් පත සහ වෙබ් අඩවිය පමණි.
යළිත් වරක් අප එය අවධාරණය කර සිටින්නේ දයාන් ලංසා විසින් ලක්ෂ ගණන් වැය කරමින් සිය තමන් කරන හ කප්පරක් රැවටිලි වසා ගැනිම සදහා පමණක්ම නඩත්තු කරගෙන යන ඔහුගේ මුහුණු පොතේ ලියැවෙන කතන්දරවලට යටින් ඇති ඇත්ත සේවිමට මිගමුවේ බුද්ධිමත් ජනයා හට අප යළිත් වරක් ඇරයුම් කර සිටිමු.
අප එසේ කියන්නේ ඇයිදැයි තෝරා බිඩි මුදලාලිට සැප දිම සදහා පමණක්ම ඉවත් කරන ලද දුම්රිය දෙපාර්තමේන්තුව ඉඩමේ වු කුඩා කඩ කදිම සාක්ෂියකි.

අනවසර කඩ ඉවත් කළ පසු තෝරා බිඩි මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි

ඇත්තටම නගරාධිපති දයාන් ලංසාට අවැසිව තිබුනෙ  තෝරා බිඩි මුදලාලි විසින් ඉදිකර ඇති අනවසර තෙමහල් ඇති සාමාජ ශාලාව පාරට පැහැදිලිව පෙනෙන සේ පසුබිම සකස් කර දිමය.
කඩ ඉවත් කෙරුණේ  අවහල් දේකට නොව තෝරා බිඩි මුදලාලිට තවත් සැප එකතු කර දෙනු පිණිසමය.