දංකොටුව පොළ සියළුම වෙළදුන්ට විවෘතයි,අධිකරණයෙන් තීන්දුවක්!

0
72

susanthaරටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් දංකොටුව පොළ තුල මුස්ලිම් වෙළදුන්ට වෙළඳාම් කටයුතු කිරිම අවහිර කරමින් වෙන්නප්පුව සභාපති සුසන්ත පෙරේරා විසින් කරතිබුන මැදිහත්විමට එරෙහිව අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කියා සිටියේ දංකාටුව පොල සියලුම වෙළදුන්ට විවෘත බවයි. මුස්ලිම් විරෝධයක් මතුකරමින් සිංහල සමාජයේ වීරයෙකු වන්නට දැගලු වෙන්නප්පුව සභාපතිවරයාගේ දැන් රෙදි ගැලවි ඇත.

දංකොටුව වෙළඳපොලේ මුස්ලිම් සහ සිංහල ව්‍යාපාරිකයන් අතර සිදුවූ ගැටුමක් නිසා මුස්ලිම් ව්‍යාපාරිකයින් වෙළඳපොලට පැමිණිම නවත්වන ලෙස ඉල්ලා පසුගිය 24වනදා ප්‍රා.සභාපතිවරයා ලඛිත ඉල්ලීමක් දංකොටුව පොලිසියෙන් සිදුක තිබුණි.

⁣සාමය ආරක්ෂාකිරීම පොලීසියේ වගකීමකි. නීතිය තමන්ගේ අතට ගෙන තමන්ට නොමැති බලයක් පවරාගෙන වැඩකිරීමට  ගිය ප්‍රාදේශීය සභාපතිවරයාගේ අන්තනෝමතික ක්‍රියා වලට මෙවර නීතියෙන් හොඳ පාඩමක් උගන්වා තිබේ.