දකුණට ඕන විදියට උතුරේ මර්ධනය ගැන ලිවීම?

0
330
පුවත් පත

ඊයේ දිනයේ යාපන⁣යේ නල්ලුර් කන්දසාමි කෝවිල අසලදි යාපනේ පොලිසිය විසින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ මීට වසර ගණනාවක පෙර උපවාස කොට මිය ගිය තිලිපන් වෙනුවෙන් නල්ලුර් කෝවිල අසල වැලිපොළවේ කපුර කැටයක් දල්වා උපහාර පිදිමට ගජේන්ද්‍රන් මන්ත්‍රී වරයා සුදානම් වු අවස්ථාවේදිය.

මේ උත්සාහය නැවැත්ව්මට එහි පැමිණි යාපනේ මූලස්ථාන පොලිස් පරික්ෂකගෙන් මන්ත්‍රීවරයා දිගටම විමසා සිටියේ මෙම සැමරුම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඇති නම් එය පෙන්වන ලෙසය.

78ce67a6 3675427d selvarasa

එහෙත් පොලිසිය එහිදි නිරුත්තරව සිටි අතර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් කව්රුන් උසස් නිලිධාරියෙකු සමගින් කළ දුරකතන සංවාදයකින් පවා හෙළිව තිබුනේ අධිකරණ ⁣නියෝයක් තවමත් ඔහු සතුව නැති බවය.

ඇති තතු එසේ වෙද්දි දකුණේ ඇතැම් මාධ්‍ය විසින් මේ සිදුවිම වාර්තා කර තිබුනේ අධිකරණ නියෝග කඩකිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත් බවය.

උතුරු ගැන ලියද්දි දකුණේ මාධ්‍යවේදින් බහුතරයක්ගේ ඇගිලි තුඩු මත මාධ්‍යවේදියා වාෂ්ප වි ගොස් සිංහලයා මතුවිම නිසා දකුණ⁣ට කැමති ලෙස උතුරු ගැන ලිවිම දැන් පුරුද්දක්ව පවති.

මේ ජඩ වාර්තාකරණය සැබැවින්ම පිළිකුල් සහගතය.මේ මාධ්‍යවේදින් ට කප්පරක් සමුළු පසුගිය කාලය තුල හෝටල් අස්සේ පවත්වා තිබුන මාධ්‍යවේදියෙකුගේ වෘත්තිය බව ගොඩනැගිමට ඒ විසි කර ඇති කෝටි ගණන් මුදල් වලට තමවත් නොහැකි වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here