දකුණට නොදැනෙන උතුරේ මාධ්‍යවේදීන්ගේ නොනවතින අරගලය !

0
58

මීනිමරු රාජපක්ෂ රෙජිමය විසින් පසුගිය 2007 වසරේ අගොස්තු 01 වෙනිදා බිලිගත්  එවකට 22 හැවිරිදි ව නිලක්ෂන් සහදේවන්ගේ මාධ්‍යවේදි සිසුවාගේ 10 වන සැමරුම අද යාපනයේදි පැවැත්විණි.
යාපනය මාධ්‍ය සමාජය සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව එක්ව යාපනය නගර මධ්‍යයේ ඉදිකර ඇති මාධ්‍යවේදින් සැමරුම් ස්මාරකය අභියස මල් පහන් පුජාවකින් පසුව යාපනය හින්දු විද්‍යාලිය සබාලිංගම් ශාලවේදි සමරු රැස්විමක්ද සංවිධානය කර තිබුණි.
රාජපක්ෂ පාලන සමයෙ ඝාතනයට ලක්කළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනාගෙන් 41 දෙනෙකුම දමිල මාධ්‍යවේදින්ය.
එහෙත් මේ එකදු ඝාතනයක් පිළිබදව පරික්ෂණ ආරම්භ කිරිමට යහපාලන රජය තවමත් අසමත්ව සිටිති.
ඝාතනයට ලක්වු මේ මාධ්‍යවේදින්ගේ ලයිස්තුවක් 2015 වසරේ දෙසැම්බර් 10 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව ලබා දි තිබුණද කිසිදු පියවරක් අද වන තුරුත් අගමැතිවරයා ප්‍රමුඛ රජය විසින් ගෙන නොමැත.FB_IMG_1501605583091
O

Save

Save

Save

Save

Save