දකුණට පෙන්නන්න බැරි මුණු 3 ක් බැසිල් උතුරට දාලා!

0
67

basi nimal(4.45 pm ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටයුතු නිසි පරිදි සිදු නොවන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 4 ක් සඳහා අලුතින් ප්‍රධානින් පත් කර තිබේ.

ඒ අනුව ප්‍රසන්න රණතුංග බදුල්ල දිස්ත්‍රික්කයටත්, සනත් නිශාන්ත යාපනය දිස්ත්‍රික්කයටත්, නිමල් ලංසා මන්නාරම දිස්ත්‍රික්කයටත්, මහින්දානන්ද අලුත්ගමගේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටත් පත් කර තිබේ. මෙම සියලු දිස්ත්‍රික්ක වල අධීක්ෂණ කටයුතු සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාට පවරා තිබේ.

පොදුජන පෙරමුණේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මේ පත්වීම සිදු කර ඇති අතර, එහිදී බැසිල් රාජපක්ෂ විසින් අවධාරණය කර ඇත්තේ අසාර්ථක සියල්ලන් ඉවත් කරන බවයි.
මුලාශ්‍රය- colombotrust.com