දකුණින් එන මාලු නිසා මීගමු ධීවරයා‍ගේ මාලු කුණු කොල්ලෙට

0
279

IMG_0358දකුණින් කරවල සදහා මීගමුවට  ගෙන එන මාලු නිසා මීගමුව ධීවරයාගේ මාලු කොනු කොල්ලෙට යයි.
මේ හේතුවෙන් මීගමුව ධීවරයින් නොවැ-03 වනදා සහ 04 වන  දින වලදී  මුහුදු යාමෙන් වැලකි සිට තම ධීවර බෝට්ටු වෙරලට ගෙන මීගමුව කොටුව පිට්ටිනිය අසල  තම විරෝධය දැක්වුහ.
දකුණු පළාතෙහි   ධීවරයන් විසින් තහනම් කරන ලද පන්න ක්‍රම යොදා අල්ලන ලින්නෝ වැනි මාලුන් කිලෝ 10000 , 15000 වැනි විශාල ප්‍රමාණයකින් මීගමුව වෙරල තීරයට  කරවල සදහා රැගෙන එනු ලබයි.
එහිදි මීගමුව ධීවරයාගේ මසුන් කරවල කිරීමට මීගමුව වෙරළේ   ඉඩ නොලැබෙන අතර මිගමුව ධීවරයාගේ මාලු ද කරවල සදහා විකිනීමේ හැකියාවක් නැත.
ධීවර ඇමති හා නියෝජ්‍ය ඇමතිවරයා විසින් මෙම තහනම් පන්න වලින් අල්ලන  මාලු මීගමුවට  ගෙන ඒමට අවසර නැතැයි  නියෝග කර තිබියේදිත් මීගමුව පළාත් සභා මන්ත්‍රි තුමෙකුගේ බලපෑම මත පිටින් මාලු ගෙනවිත් ඔවුන් මෙම වෙරෙලේහි කරවල නිපදවති.
පවුල් 50 ක් පමන මෙම කරවල කිරීමේ රැකියාවේ යෙදී සිටින අතර පාරම්පරික ධීවරයින් පවුල් 2000 පමන මීගමුව  වෙරලේහි රැකියාව කරති.
IMG_0380
ධීවරයන් පවසන්නේ   කාලයක් තිස්සේ මේම ගැටලුව තිබුණ බවත්, මේ වන විට සාකච්ඡා වට 10 ක් පමන වගකිවයුතු නිලධාරින් අතර පැවතුනත් මේ වන තුරු මේම ගැටලුවට විසදුමක් ලැබී නොමැති නිසා මේම වර්ජනය සිදු කරන බවයි.
මීගමුව,පිටිපන , වැල්ලවීදිය,කුඩාපාඩුව ධීවරයින්ද කල්පිටිය දූපත් වල රැකියාව කරන මීගමුව  ධීවරයින්ද මේ නිසා මුහුදු යැමෙන් වැලකී සිටිති.
අද හෝ  මේ සදහා විසදුමක් නොලැබුනොත්  හෙට දිනයේ සිට කල්පිටිය සිට මීගමුව දක්වා ධීවරයින් මුහුදු යෑමන් වැලකෙන බව ඔහුන් තවදුරටත් පවසා සිටියහ.

සටහන සහ ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත