දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රිලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු මිගමුව රෝහලට ?

0
70

NGB hospital
(දෙවන සංස්කරණය ) මීගමුව මහරෝහලේ මේ වන විට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇතැයි සැකකෙරෙන සිව්දෙනෙක් ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
කොරියාවේ සිට පැමිණි ශ්‍රීලාංකිකයින් තිදෙනෙකු සහ තවත් විදේශගතව සිටි අයෙකු මේ අය අතර වන බව මිගමුව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
කොරෝනා වෛරසයට ආදලාව ලංකාවේදි මතුවිය හැකි තත්වටයන්ට මුහුණ දිම සදහා විශේෂිත වාට්ටුවක්ද මිගමුව රෝහල තුල ස්ථාපිත කිරිමට පසුගිය කාලය තුල රෝහල් බලධාරින් කටයුතු කර තිබුණි.NGB hosptial corona ward 2NGB hospital corona ward
ලෝකයේ පවතින තත්වය බරපතල වන අතර මෙසේ රෝහල්ගතව සිටින රෝගීන් 4 දෙනා පිළිබඳව තත්වය විමසා බලා ඒ ගැන නිවැරදි තොරතුරු ලබාදීමට අප බලාපොරොත්තු වෙමු .

මේ අතර අද දෙරණ වෙබ් අඩවිය වාර්ථා කර තිබුනේ දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා බවයි.මේ වන විට දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ඉහළ යාම හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණිම ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

අද(01) අලුයම් කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 137 දෙනෙකු දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණ ඇති බව එහි සඳහන්ය.

මේ ආකාරයට පසුගිය දින කිහිපය තුළ ද දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි ගුවන්තොටුපල කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

එලෙස පැමිණෙන සියලු මගීන් කටුනායක ගුවන්තොටුපල තුළ දී විශේෂ කොරෝනා පරික්ෂාවකට ලක් කෙරෙන අතර ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහයෝගය ලබා දී තිබේ.
කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වෙයි.මේ වන විට දකුණු කොරියාව තුළ පමණක් කොරෝනා වෛරස් ආසාධිතයින් 3550 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බවයි වාර්තා වෙයි.