දකුණේ ලින්නා සැමන් වලට ! නැගෙනහිර පුච්චකණ්නි දකුණට ….

0
318
ලින්නා
ලින්නා

මත්‍යස්‍ය වෙළදපලවල් වල අනෙක් මසුන්ගේ පවා මිළ තිරණය කිරිමට බලපාලන ප්‍රධාන සාධකයන් වු ලින්නා මසුන් බහුල වශයෙන් අල්ලනු ලබන්නේ දකුණේ ධිවරයන් විසිනි.
ලින්නා බහුල වශයෙන් අල්ලනු ලබන කාලවලදි කිලෝවක මිළ රු 150 ක් තරම් පහල ගොස් තිබේ. එ කාලයේදි අනෙක් මාළුන්ගේද මිළද ලින්නාගේ මිළට සාපෙක්ෂකව පහල බැසිමට තුඩු දි තිබේ.
කෙසේ වෙතත් මේ දිනවල දකුණේ ලින්නා මසුන් බහුල වශයෙන් සැපයෙන්නේ දේශිය සැමන් කර්මාන්තයටය. එබැවින් මිගමුවේ ලේලලම් වල පවා දැන් ලින්නා සුලභ නැත.

පුච්චකණ්නි


එහෙත් පසුගිය දිනවල නැගෙනහිරින් විශාල වශයෙන් පුච්චකණ්නි මසුන් තොග ලැබෙමින් තිබුණි. ඊයේ දිනයේදි මිගමුව මංකුලිය ලෙල්ලමේ එක් ව්‍යාපාරිකයෙකු හට අවම තරමින් කිලෝ 5000 බැගින් ලැබි තිබුන බව වාර්තා විය.
එහෙත් මේ දිනවල පුච්චකණ්නි මසුන් තොග විශාල වශයෙන් නැගෙනහිරන් ලැබෙමින් තිබුණද වෙනදා මෙන් පුච්චකණ්නි මිළ පහලට නොයන්නේ නැගෙනහිර පුච්චකණ්නි මසුන් තොග විශාල වශයෙන් දකුණට පැටවෙන නිසා බව මිගමුවේ ව්‍යාපාරිකයෝ පවසති.එයට හේතුව ලෙස ඔවුන් පැහැදිලි කර සි‌ටින්නේ දකුණේ ලින්නා මසුන් සැමන් කර්මාන්තයට බහුල වශයෙන් සැපයෙන නිසා ඒ් අඩුව පිරමසා ලිමට නැගෙනහිර පුච්චකණ්නි මසුන් යොදාගන්නා බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here