දන්සැල් දෙන්න කියල මගේ අය කප්පම් අරන් නෑ-ඇමති සරත් ගුණරත්න.

0
63

පසුගිය වෙසක් සමයේ මීගමුව පොළේ ටෙන්ඩර්කරුවන් දෙදෙනාගෙන් මීගමුවේ දේශපාලකයෙකුගේ ගෝලයන් පිරිසක් විසින් දන්සැල් ආධාර සදහා යැයි කියමින් සහල් ඇතුළු විවිධ දෑ ලබාගෙන ඇති පුවතක් අප  පසුගිය දිනක පළ කළෙමු.
මේ පුවතේ සදහන්ව ඇති මීගමුවේ දේශපාලකයා තමන් නොවන බවත් තමන්ගේ ආධාරකරුවන් කිසිවිටකත් මෙවැනි සිදුවිම් වලට සම්බන්ධ නැති බවත් ඇමති සරත් ගුණරත්න අප වෙබ් අඩවිය වෙත දන්වා ඇත.
එමෙන්ම මැරයන් දුෂිතයන් ආරක්ෂා කිරිම සදහා තමන් කිසි විටකත් මැදිහත් නොවන බවද අවධාරණය කර සිටියේය.
මීගමුව් සිටින්නේ ප්‍රධාන පෙළෙ දේශපාලකයන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් පවසා සිටින්නේ දන්සැල් කාලේ කප්පම් ගන්නට තමන්ගේ ආධාරකරුවන් කිසිවෙකුත් කටයුතු කර නැතිබවට තමන් ඉතා වගකිමෙන් ප්‍රකාශ කර සිටින බවය.