දඵවකොටුව , ගුරුවරියගේ අධිකරණ මරණ පරීක්ෂණය ඇරඹෙයි.

0
69
       
 පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව දඵවකොටුව ලොයෙලා විද්‍යාලයේ සේවය කල ගුරුවරියක් වන ශී‍්‍රනී වාසනා අමරතුංගේ  මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ ප‍්‍රථම නඩු වාරය පසුගිය ඔක්තෝබර් මස 25 වැනි අ`ගහරුවාදා දින වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. ඒ ප‍්‍රධාන  මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එදින අධිකරණයේදී මිය ගිය තැනැත්තියගේ මරණ පරීක්ෂණය පැවැත්වුණ අතර එහිදී ඉංජිනේරුවරයෙකු ලෙස කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි ඇගේ සැමියා ද එලෙසම ඇය සේවය කළ ලොයෙලා විද්‍යාලයේ ගුරුවරයෙකු සහ ඇයගේ සොහොයුරෙකු ද ඇගේ මෘත දේහය හ`දුනා ගත් බවට අධිකරණය ඉදිරියේදී  ප‍්‍රකාශ කලහ.  මෙහිදී වත්තල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙම නඩුවේ තවත් නඩු වාරයක් ලබන නොවැම්බර් මස 08 වැනි දිනට කල් තබන ලදී.  වත්තල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් හෙටිටිආරච්චි මහතා මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂන කටයුතු මෙහෙයවා තිබීනි. 
 මිය යන විට 33 හැවිරිදි වියේ පසුවු ඇය එක් දරු මවක් වුවාය. පසුගිය සැප්තැම්බර් 24 වැනි සෙනසුරාදා දින පෙරවරුවේ ද`ඵවාකොටුව ප‍්‍රදේශයේ පිහිටි ඇගේ නිවසින් ඇය නික්ම ගොස් තිබුනේ විදුලි බිලට මුදල් ගෙවා ඉක්මනින්ම පැමිණෙන බව නිවැසියන්ට පවසමිනි. එහෙත් එදින රාති‍්‍රය වන විටද ඇය නිවසට නොපැමින තිබූ අතර පසුදා එනම් සැප්තැම්බර් 25 වැනි ඉරු දින වත්තල පොලිසිය විසින් ඇයගේ මල සිරුර සොයා ගෙන තිබුනේ වත්තල හැදල ප‍්‍රදේශයේ ඇල ඉවුරක් ආසන්නයේ තිබීයදීය. ඇයගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට මීගමුව, කොප්පරා හංදියේ  ‘‘ නිගම්බූ ප්ලාසා ’’ වෙළ`ද සංකීර්ණයේ දෘෂ්ඨි පරීක්ෂක සේවා ආයතනයක් සහ රුපලාවණ්‍යාගාරයක් ( සැලෝන් * පවත්වා ගෙන ගිය කාන්තාවක සහ ඇගේ සැමියාව වත්තල පොලිසිය ම`ගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙලෙස මෙම මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත ඇති ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා වන්නේ  මීගමුව වයි හංදිය ප‍්‍රදේශයේ කුලියට ගත් නිවසක පදිංචි වී සිටි  බව කියන සරත් පෙරේරා සහ ලක්මිණි පෙරේරා යන අඹුසැමි යුවලකි. ඔවුන් දරුවන් තිදෙනෙකුගේ මව සහ පියා වේ.
 මෙම ගුරුවරිය අතුරුදහන් වූ දින ලක්මිණී පෙරේරා නැමැති සැකකාරිය විසින් පවත්වා ගෙන ගිය සැලෝන් ආයතනයට පැමිණ තම කොන්ඩය සකස් කිරීමට සහ මුහුනට පේෂල් සත්කාරයක් කර ගැනීමට අවශ්‍ය බව දන්වා ඇති අතර එහිදී ආලේප කල  කී‍්‍රම් වර්ගයක් අසාත්මික වී ( ඇලජික්  ) ඇය මිය ගොස් තිබූ බවට මෙම සැකකරු හා සැකකාරිය පොලිසියට මුලදී පවසා තිබිණි.
                                  

 තුෂාර රෝහාන්